උසස් පෙළ ඉල්ලුම්පත් කැඳවීමට පෙර කළයුතු දේ ගුරු සංගම් පැහැදිලි කරයි
Wednesday, 12 October 2022 - 10:55 | Views - 418
2022 උසස් පෙළ විභාගයේ උත්තර පත්‍ර පරීක්ෂකවරුන් තෝරාගැනීම සඳහා අයදුම්පත් කැඳවා අවසන්වීමට පෙර පසුගිය වසරේ උසස් පෙළ සහ සාමාන්‍ය පෙළ ඇගයීම් ගාස්තු ගෙවා දැමීමට පියවර ගන්නා ලෙස ලංකා ගුරු සේවා සංගමය, අධ්‍යාපන අමාත්‍යාංශයෙන් ඉල්ලීමක් කරනවා.

ඔවුන් පෙන්වා දෙන්නේ අදාළ ගෙවීම් සිදු නො කිරීම හේතුවෙන් ගුරුවරුන් උත්තර පත්‍ර පරීක්ෂාව සඳහා අයදුම් නො කරන ප්‍රවණතාවක් දක්නට ලැබෙන බවයි.

විභාග කොමසාරිස් ජනරාල් එල්.එම්.ඩී. ධර්මසේන කියා සිටියේ ලබන 21 වනදා දක්වා 2022 උසස් පෙළ විභාගයේ උත්තර පත්‍ර පරීක්ෂකවරුන් තෝරාගැනීම සඳහා අයදුම්පත් කැඳවීම සිදු කරන බවයි.

ඒ අනුව විභාග දෙපාර්තමේන්තුවේ www.doenets.lk නිල වෙබ් අඩවියට පිවිස අදාළ අයදුම්පත සම්පූර්ණ කිරීම හෝ විභාග දෙපාර්තමේන්තුවේ නිල ජංගම දුරකථන යෙදවුම හරහා මාර්ගගත ක්‍රමයට උත්තර පත්‍ර පරීක්ෂාව සඳහා අයදුම් කළ හැකියි.

කෙසේ වෙතත් ලංකා ගුරු සේවා සංගමයේ ප්‍රධාන ලේකම් මහින්ද ජයසිංහ කියා සිටියේ, ගෙවීම් සිදුකර අදාළ අයදුම්පත් භාරගැනීමේ කාලසීමාවද දීර්ඝ කිරීමට කටයුතු කළ යුතු බවයි.


 
Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
පුංචි තිරයෙන් මෙන්ම සමාජ මාධ්‍ය ඔස්සේ ලාංකේය ප්‍රේක්ෂක හදවත් දිනාගත් සුන්දර...
Hiru Tv Blog
අමෙරිකානු පොප් ගායිකා ඇෂේ (Ashe) සිය පළමු විවාහයේදී මුහුණ දුන් අමිහිරි අත්දැකීමක්...
Hiru Tv Blog
ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් දෛනිකව භාවිතා කරන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top