තිලිණි ප්‍රියමාලිගේ තවත් වංචාවක් එළියට
Wednesday, 12 October 2022 - 10:23 | Views - 918
තිලිණි ප්‍රියමාලි නම් කාන්තාව මේ වනවිට කරළියට පැමිණ ඇත්තේ මෙරට ධන කුවේරයන් දණ ගැස්සවූ මෑතකාලීන විශාලතම මූල්‍ය වංචාවේ පෙරළිකාරිය ලෙසයි.

මෙරට දේශපාලනඥයින්, කලාකරුවන් ඇතුලු ජනප්‍රිය පුද්ගලයින් ඇසුරු කරමින් අතිශය සුපිරි ජීවිතයක් ගත කළ ඇයගේ ඉතිහාසය ද වංචාවන්ගෙන් පිරී පවතින බව හෙළිදරව් වී තිබෙනවා.

රුපියල් කෝටි ගණනක මුදල් වංචා කර මේ වනවිට රක්ෂිත බන්ධනාගාර ගතව සිටින ඇය 1982 වසරේ කළුතර ප්‍රදේශයේ දී උපත ලබා ඇති බව සඳහන්.

ඇය විසින් රත්මලාන ප්‍රදේශයේ පුද්ගලයෙකුට සිය ජාතික හැඳුනම්පතේ පිටපතක් ලබා දී කුලී පදනම මත ඇල්ටෝ වර්ගයේ කාර් රථයක් ලබාගෙන තිබූ අතර, ඇය ඒ සඳහා එහි හිමිකරුට ලබා දී තිබුණේ ව්‍යාජ චෙක්පතක්.

එමෙන්ම ඇය කාර් රථය ලබාගැනීම වෙනුවෙන් ඇගේ අත් අකුරින් ලිපියක් ද ඇල්ටෝ මෝටර් රථයේ හිමිකරුට ලබා දී තිබුණා.

හැඳුනුම්පතේ සඳහන් ලිපිනයට ගිය මෙම කාර් රථයේ හිමිකරුට ප්‍රියමාලි විසින් ගල්කිස්ස ප්‍රදේශයේ ඉන්ධන පිරවුම්හලකට සිදු කළ වංචාවක් සම්බන්ධයෙන්ද තොරතුරු අනාවරණ වී තිබුණා.

මෙම පුද්ගලයාට යළි තිළිණි ප්‍රියමාලි 2020 වසරේ දී මුහුණු පොත හරහා හමුවී ඇති අතර, ඒ වනවිට ඇය මෙරට දේශපාලනඥයින් ඇතුලු ධන කුවේරයින් අතර සුපිරි චරිතයක් බවට පත්ව තිබෙනවා.

කෝටි ගණනක මූල්‍ය වංචාවකට සැකකාරිය වෙමින් මේ වනවිට රක්ෂිත බන්ධනාගාරගත ව සිටින තිළිණි ප්‍රියමාලි පිළිබඳ හිරු ප්‍රවෘත්ති තුළින් ඉදිරියේ දී තවත් තොරතුරු බලාපොරොත්තු වන්න.



Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
පුංචි තිරයෙන් මෙන්ම සමාජ මාධ්‍ය ඔස්සේ ලාංකේය ප්‍රේක්ෂක හදවත් දිනාගත් සුන්දර...
Hiru Tv Blog
අමෙරිකානු පොප් ගායිකා ඇෂේ (Ashe) සිය පළමු විවාහයේදී මුහුණ දුන් අමිහිරි අත්දැකීමක්...
Hiru Tv Blog
ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් දෛනිකව භාවිතා කරන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top