නැවත ඇරුණු දුම්රිය මඟ
Monday, 10 October 2022 - 10:00 | Views - 448
තාවකාලිකව නවතා තිබු කැලණිවැලි මාර්ගයේ කොස්ගම සිට අවිස්සාවේල්ල දක්වා කොටසේ දුම්රිය ධාවන කටයුතු අද (10) සිට යළිත් සාමාන්‍ය පරිදි ක්‍රියාත්මක වන බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසනවා.
කෙසේ වෙතත්, මාර්ගයේ පාලමක අලුත්වැඩියා කටයුත්තක් හේතුවෙන් ඉකුත් පසුගිය 07 වෙනිදා රාත්‍රියේ සිට ඊයේ (09) රාත්‍රී දක්වා එම කොටස තාවකාලිකව වසා තැබුණා.
මේ හේතුවෙන්, එම මාර්ගයේ දුම්රිය ධාවනය කොළඹ කොටුවේ සිට කොස්ගම දක්වා සීමා කර තිබූ අතර අලුත්වැඩියා කටයුතු අවසන් කිරීමෙන් අනතුරුව අද සිට සාමාන්‍ය පරිදි දුම්රිය ධාවන කටයුතු සිදුවන බවයි දුම්රිය දෙපාර්තමේන්තුව වැඩිදුරටත් සඳහන් කළේ.
Share This Article