රජයේ නිවාඩු දිනයක් නොවන අද - නිවාඩු ලැබෙන්නේ මේ අයටයි
Monday, 10 October 2022 - 9:27 | Views - 711
සියලු රාජ්‍ය ආයතන සහ පාසල් වල කටයුතු අද (10) දිනයේ දී සාමාන්‍ය පරිදි සිදුකෙරෙන බව රාජ්‍ය පරිපාලන අමාත්‍යංශ හා අධ්‍යාපන අමාත්‍යාශය සඳහන් කරනවා.
කෙසේ වෙතත්, අද දිනයේ දී බැංකු සහ කොළඹ කොටස් වෙළෙඳපොළ සඳහා නිවාඩු දිනයක් ලෙස සැලකෙන බව ශ්‍රී ලංකා මහ බැංකුව පසුගියදා නිවේදනය කළා.
ඒ, ඊයේ (09) දිනට යෙදී තිබු පොහොය සහ නබි නිවාඩුව හේතුවෙන් බවයි මහා බැංකුව සඳහන් කර සිටියේ.
එසේම, අද දිනය රජයේ නිවාඩු දිනයක් නොවන බවද රාජ්‍ය පරිපාලන අමාත්‍යංශ වැඩිදුරටත් සඳහන් කර සිටියා.
Share This Article