වප් පුර පසළොස්වක පොහොය අදයි - හිරු සීල පාරමිතාව සංඛපාල පින්බිමේ දී (Video)
Sunday, 09 October 2022 - 15:11 | Views - 385
වප් පුර පසළොස්වක පොහෝ දිනය අද (09) දිනට යෙදී තිබෙනවා.

බෞද්ධ සැදැහැවත් ජනතාවට මෙම වප් පුරපසළොස්වක පොහෝය කරුණු කීපයක් නිසාම වැදගත් වනවා.

බුදුරජාණන් වහන්සේ තව්තිසා දෙව්ලොව සිට සංකස්ස පුරයට වැඩම වීම, මතු බුදුවන මෛත්‍රී බෝසතුන් ගෞතම බුදු සසුනේ පැවිද්ද ලබාගැනීම හා විවරණ ලැබීම, සංඝමිත්තා තෙරණිය හා ජය ශ්‍රී මහා බෝධියේ දක්ෂිණ ශාඛාව වැඩමවා ගැනීමට අරිට්ඨ ඇමති ඇතුළු දූත පිරිස දඹදිවට පිටත්කර හැරීම, අරිට්ඨ අමාත්‍යතුමා ඇතුළු පිරිස පැවිදි වී ධර්ම විනය හදාරා විනය සංගායනා කිරීම, පෙරවස් සමාදන් වූ භික්ෂූන් වහන්සේලා මහා පවරණයෙන් වස් පවාරණය කිරීම හා චීවර මාසයේ ආරම්භය මෙම පින්බර පොහෝ දිනයේ වැදගත්කමයි.

මේ අතර වප් පුර පසළොස්වක පොහෝ දිනය වෙනුවෙන් හිරු මාධ්‍ය ජාලය සැදැහැ සිතින් සංවිධාන කරන හිරු සීල පාරමිතා වැඩසටහන ඵෙතිහාසික සංඛපාල රජමහා විහාරස්ථානය කේන්ද්‍ර කර ගනිමින් මේ වනවිට (09) ක්‍රියාත්මකයි.

උවැසි උවැසියන් අෂ්ඨාංග ශීලයේ සමාදන් කරමින් හිරු සීල පාරමිතාව අද උදෑසන ආරම්භ වුණා.

එම කටයුතු සහ ධර්මානුශාසනාව සිදු කළේ සංඛපාල විහාරයේ භාරකාර අතිපූජ්‍ය කොකාවල කෝසල ස්වාමීන් වහන්සේ විසින්.

උදෑසන 7.30 ට පෝදා ධර්ම දේශනය, පූජ්‍ය බලංගොඩ රාධ හිමියන් විසින් සිදු කිරීමට නියමිතයි.

“විනයගරුක බව” තේමා කරගත් විශේෂ ධර්ම සාකච්ඡාවක් ද පෙරවරු 08.30 සිට 10.00 දක්වා පැවැත්වෙන්නේ පූජ්‍ය කොටනෙළුවේ ප්‍රඥානන්ද හිමියන්ගේ සහ පූජ්‍ය හසලක සීලවිමල හිමියන්ගේ සහභාගීත්වයෙන්.

අනතුරුව පෙරවරු 11 ට කාව්‍යමය ධර්ම දේශනාව කාව්‍යශූරී, කාව්‍ය විශාරද පූජ්‍ය නවගත්තේගම සිරිසුගත හිමියන් විසින් සිදුකරීමට නියමිතයි. පස්වරු 3.30 ට “දෙමාපිය වගකීම පිළිබඳව විග්‍රහ කෙරෙන” කාලීන ධර්ම සාකච්ඡාව පූජ්‍ය නාපටවන ධම්මානන්ද හිමියන්, ප්‍රවීණ ජ්‍යොතිර්වේදී නිශාන්ත පෙරේරා සහ පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ මහාචාර්ය මහින්ද හේරත්ගේ සහභාගීත්වයෙන් පැවැත්වෙනවා. 


Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
පුංචි තිරයෙන් මෙන්ම සමාජ මාධ්‍ය ඔස්සේ ලාංකේය ප්‍රේක්ෂක හදවත් දිනාගත් සුන්දර...
Hiru Tv Blog
අමෙරිකානු පොප් ගායිකා ඇෂේ (Ashe) සිය පළමු විවාහයේදී මුහුණ දුන් අමිහිරි අත්දැකීමක්...
Hiru Tv Blog
ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් දෛනිකව භාවිතා කරන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top