විදුලි ගාස්තුවේ වෙනසක්
Saturday, 08 October 2022 - 17:19 | Views - 1,440
වැඩි වූ විදුලිබිලට සහනයක් ලෙස ආගමික ස්ථාන, පුන්ය ආයතන කාණ්ඩයෙන් ඉවත් කර පොදු කාර්ය යටතට ගැනීමට තීරණය කළ බව මහජන උපයෝගිතා කොමිෂන් සභාවේ සභාපති ජනක රත්නායක පවසනවා.
ඒ අනුව, රුපියල් 65 ක් වන විදුලි ඒකකයක මිල රුපියල් 32 දක්වා අඩු කෙරෙන බවයි ඔහු කියා සිටියේ.
ආගමික ස්ථානවල විදුලිබිල්පත් ගැටලුවට සහන සැලසීම සම්බන්ධයෙන් මහජන උපයෝගිතා කොමිෂන් සභාවේ සභාපති ජනක රත්නායක අද (08) පෙරවරුවේ මල්වතු අස්ගිරි මහානාහිමිවරුන් බැහැ දැක දැනුවත් කර තිබුණා.
Share This Article