හෙට මිලිමීටර 100 ඉක්මවූ තද වැසි
Saturday, 08 October 2022 - 16:41 | Views - 415
හෙට දිනයේදී ඌව, නැගෙනහිර සහ උතුරුමැද පළාත්වල ඇතැම් ස්ථානවලට මිලිමීටර 100 ඉක්මවූ තද වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.
එමෙන්ම බස්නාහිර, සබරගමුව පළාත්වල මෙන්ම ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලට සවස් කාලයේදී හෝ රාත්‍රි කාලයේදී තැනින් තැන ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකියි.
මේ අතර මාතර සිට හම්බන්තොට හරහා පොතුවිල් හරහා වෙරළට ඔබ්බෙන් වන මුහුදු ප්‍රදේශය සහ පුත්තලම සිට කොළඹ, ගාල්ල හරහා මාතර දක්වා වෙරළට ඔබ්බෙන් වන මුහුදු ප්‍රදේශය රළුවන බවයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිකුත් කළ නිවේදනයේ දැක්වෙන්නේ.
Share This Article