හිටපු ජනපතිගේ ප්‍රධානත්වයෙන් - 'එක්ව නැගිටිමු - කළුතරින් පටන් ගමු' (Video)
Saturday, 08 October 2022 - 15:35 | Views - 524

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ පවතින ක්‍රමයේ වෙනසක් සිදුවිය යුතු යැයි පිළිගන්නා බව එම පක්ෂයේ වැඩබලන ජාතික සංවිධායක නාමල් රාජපක්ෂ පවසනවා ‘එක්ව නැගිටිමු - කළුතරින් පටන් ගමු' යන ජනරැලිය අමතමින් ඔහු මේ බව සඳහන් කළා.
එහිදී ඔහු වැඩිදුරටත් සඳහන් කළේ, ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයා බලයට ගෙන ඒමට දායක වූ තරුණ පරම්පරාව බලාපොරොත්තු වූ ක්‍රම වෙනස සිදුකිරීමට නොහැකි වූ බවයි.
'එක්ව නැගිටිමු - කළුතරින් පටන් ගමු' යන මැයෙන් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සංවිධාන කළ ජනරැලිය අද (08) පෙරවරුවේ පැවැත්වුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී රෝහිත අබේගුණවර්ධනගේ කළුතර දිස්ත්‍රික් සම්බන්ධීකරණ කාර්යාලයේදීයි.
ඒ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගේ ප්‍රධානත්වයෙන්.
රැලිය සඳහා අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන ද සහභාගී වී සිටියා.
රාජ්‍ය අමාත්‍යවරුන් වන ලොහාන් රත්වත්තේ, පියල් නිශාන්ත, සනත් නිශාන්ත, අනූප පැස්කුවෙල් සහ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මහලේකම් නීතිඥ සාගර කාරියවසම්, නාමල් රාජපක්ෂ, රෝහිත අබේගුණවර්ධන, පවිත්‍රා වන්නිආරච්චි, ජොන්ස්ටන් ප්‍රනාන්දු, ගාමිණි ලොකුගේ, සංජීව එදිරිමාන්න යන පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් ඇතුළු පිරිසක් ද ඊට සහභාගී වී සිටියා.
Share This Article