HIV පරීක්ෂණවලට තිත ? (Video)
Saturday, 08 October 2022 - 15:02 | Views - 897
පරීක්ෂණ කට්ටල හිඟය හේතුවෙන් HIV ආසාධිත රෝගීන් හඳුනාගැනීමට සිදුකරන පරීක්ෂණ නවතා දැමීමට සිදුව ඇතැයි සමස්ත ලංකා හෙද සංගමය පෙන්වා දෙනවා.
අද කොළඹදී පැවති ප්රවෘත්ති සාකච්ඡාවකට එක්වෙමින් එම සංගමය පැවසුවේ මේ හේතුවෙන් රට තුල සමාජ රෝග බෝවීමේ දැඩි අවධානමක් මතුව ඇති බවයි.
මේ අතර, අසාධාරණ ලෙස ආහාර පානවල මිල ගණන් ඉහළ දමා ඇති වෙළදුන් සොයා වැටලීම් සිදුකරන ලෙස ආපණ ශාලා හිමියන්ගේ සංගමය ඇතුලු සංගම් කිහිපයක නියෝජිතයන් අද පෙරවරුවේ පාරිභෝගික අධිකාරියට පැමිණ ඉල්ලීමක් කළා.
Share This Article