230,000 ක් එතෙර ට
Saturday, 08 October 2022 - 11:46 | Views - 996
මේ වසරේ ගත වූ කාල සීමාව තුළ පුද්ගලයින් 230,000කට වැඩි පිරිසක් විදෙස් රැකියා සඳහා පිටත්ව ගොස් ඇති බව විදේශ සේවා නියුක්ති කාර්යාංශය පවසනවා.
එහි මාධ්‍ය ප්‍රකාශක සහ පුහුණුකිරීම් අංශයේ නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී ජී. එස්. යාපා හිරු ප්රවෘත්ති අංශයට කියා සිටියේ ඉන් වැඩි පිරිසක් මැද පෙරදිග රටවල් කරා ගොස් ඇති බවයි.
ජපානයේ ද රැකියා අවස්ථා රැසක් මේ වන විට මෙරට ශ්‍රමිකයින්ට ලැබී ඇති බව ද ඔහු සඳහන් කළා.
Share This Article