හර්ෂණි...
ඇය විවාහ වෙලා මාසයයි...
ඇය නැතිවෙලා පහුවදා ඇගේ උපන්දිනේ...
මතකද ඇයව.
ඇයගේ මරණය සම්බන්ධයෙන් ප්‍රධාන චෝදනාව එල්ල වුණේ
සැත්කමක් සිදුකළ වෛද්‍යවරයාට..
අනතුරුව එම වෛද්‍යවරයා සිදු කළා යැයි කියන,
තවත් බොහෝ දේවල් එළිපහළියට එන්න පටන් ගත්තා.
ඊට අදාළ කමෙන්ටු මුහුණු පොතේ සැරිසරන්න පටන් ගත්තා.
මේ හර්ෂණි ගැන නෙවෙයි.
කළණි ඉනෝෂා ගැනයි.
ඇය පසුගිය මැයි මාසයේ විවාහ වෙන්න හිටිය හීන ගොඩක් දැක්ක කෙල්ලෙක්.
නමුත්,
නොසිතූ විරු අයුරින් 2021 නොවැම්බර් මාසයේදී ඇගේ ඉරණම වෙනස් වෙනවා.
කළණි ගැන ජනප්‍රිය යූටියුබ් නාලිකාවක් පවත්වාගෙන යන "නිලමේ",
කළණිගේ දෙමව්පියන් සමඟ සාකච්ඡා කොට තිබුණා.
"දුවට 2021 10යි 25 අමාරු වුණා. රාගමට ඇඩ්මිට් කළා. බඩේ අමාරුවක් තිබ්බෙ. පාන්දර ඇඩ්මිට් කළේ. 38 වාට්ටුවේදී මෙයාගේ ස්කෑන් එකක් කළා. පිත්තාශයේ ගල් කිව්වා පස්සෙ. අන්තිමට නොවැම්බර් 5 තමයි ඔපරේශන් එකට ලෑස්ති කළා. කොහොම හරි 5 ගන්නකොටත් මට කෝල් කරලා කිව්වා, මාව ගන්නවා. ෆෝන් එක ඕෆ් කරනවා. අම්මා ඇඳ ළඟට වෙලා ඉන්න මම එනකන් කිව්වා. මම ඉතින් බලාගෙන හිටියා.. පරක්කු වුණා... පස්සෙ මට කිව්වා, අම්මා ළමයට ඔපරේෂන් එක කළා. සිහිය ගන්න බැරිවුණා. බයවෙන්න එපා අම්මා කියලා යථා තත්ත්වයට එයි. එයාගේ වැඩි හොඳට අයිසීයූ එකට දැම්මා කිව්වා. මම අපේ නෑනට එන්න කිව්වා. ළමයාට අතපය හොල්ලන්න බෑ. මැෂින්වලට දාලා තිබුණේ. මාස තුනක් දැඩි සත්කාරේ හිටියා. ළමයා ගැන එතැන හිටපු දෙන්නෙක් විතර ගොඩක් බැලුවා. මගේ දුව ළඟට සර්ජරි කරපු අය ආවේ නෑ. උනන්දුවක් කළේම නෑ. ළමයාගේ වෙනස්වීම් දැක්කම මම රෑ තිස්සේ කෝල් කළා..."
"අපි කිව්වා මේ වුණ දේ අපිට අභිරහසක් කියලා. අපි වරදක් කරපු විදිහට එයාලා හැසිරුණේ. තාම කළණිට කතා කරගන්න බෑ, ඇවිදින්න බෑ, සිහි කල්පනාව නෑ. අපිට ඕනි කොහොම හරි මෙයාව පිටරටකට ගිහින් හරි සනීප කරගන්න. මම දැනුවත් කළා මගේ දුවට වෙච්ච දේ තව කෙනෙක්ට වෙන්න දෙන්න එපා දැඩි ක්‍රියාමාර්ගයක් ගන්න කියලා රැස්වීම්වලදී මම කිව්වා. එතකොට ඩිරෙක්ටර් කිව්වා, මම මගේ ස්ටාෆ් එක බේරගන්නවා මිසක් අනිත් අය වැඩක් නෑ කිව්වා. එදා ඇක්ශන් ගත්තනම් අර නැතිවෙච්ච දරුවා (හර්ෂණි) බේරෙන්නත් තිබ්බා.."