රාජපක්ෂ පවුල හා තිළිණි ප්‍රියමාලි අතර කිසිදු ගනුදෙනුවක් නෑ - විශේෂ ප්‍රකාශය මෙන්න
Saturday, 08 October 2022 - 10:10 | Views - 1,373
හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ සහ ඔහුගේ පවුලේ සාමාජිකයන් තිකෝ ගෲප් පුද්ගලික සමාගමේ හිමිකාරිය තිළිණි ප්‍රියමාලි සමඟ සබඳතා පවත්වන බවට සමාජ මාධ්‍ය ඔස්සේ පසුගිය දිනවල පැතිර යන වාර්තාවලට ප්‍රතිචාර දක්වමින් හිටපු ජනපතිගේ මාධ්‍ය අංශයෙන් එම වාර්තා අසත්‍ය සහ පදනම් විරහිත බව පැහැදිලිවම ප්‍රකාශ කරනවා.

තිළිණි ප්‍රියමාලි ද සහභාගි වූ උත්සවයකට ශිරන්ති රාජපක්ෂ සහභාගී වන අයුරු දැක්වෙන ඡායාරූපයක් පසුගිය වසරේ මාර්තු මාසයේ දී නිකුත් වී ඇති අතර, නමුත් එය රාජපක්ෂ මහත්මිය චිත්‍රපට නිෂ්පාදනයක් සහ සංගීත සංදර්ශනයක් එළිදැක්වීමේ උත්සවයකට සහභාගී වී සිටි අවස්ථාවක ලබා ගත් ඡායාරූපයක් බවයි එහි දැක්වෙන්නේ.

ශ්‍රී ලංකා චිත්‍රපට සංස්ථාවේ ප්‍රධානත්වයෙන් ජ්‍යෙෂ්ඨ දේශපාලනඥයින් සහ කලාකරුවන් ද සහභාගී වූ මෙම අවස්ථාවට චිත්‍රපට සංස්ථාවේ සභාපතිවරයා විසින් රාජපක්ෂ මහත්මිය වෙත ආරාධනාවක් කර තිබුණා.

තිළිණි ප්‍රියමාලි සමඟ රාජපක්ෂ මහත්මිය හෝ හිටපු ජනාධිපතිවරයාගේ පවුලේ කිසිවකු අතර සම්බන්ධයක් තිබූ බව හිටපු ජනපතිගේ මාධ්‍ය අංශයෙන් තරයේ ප්‍රතික්ෂේප කරන අතර යටි අරමුණින් අදාළ පින්තූරය ප්‍රචාරය කරන ඇතැම් පුද්ගලයන්ගේ ක්‍රියාව තරයේ හෙළා දකින බවත් එම නිවේදනයේ දැක්වෙනවා.
Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
පුංචි තිරයෙන් මෙන්ම සමාජ මාධ්‍ය ඔස්සේ ලාංකේය ප්‍රේක්ෂක හදවත් දිනාගත් සුන්දර...
Hiru Tv Blog
අමෙරිකානු පොප් ගායිකා ඇෂේ (Ashe) සිය පළමු විවාහයේදී මුහුණ දුන් අමිහිරි අත්දැකීමක්...
Hiru Tv Blog
ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් දෛනිකව භාවිතා කරන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top