හර්ෂණීගේ සැත්කම කළ වෛද්‍යවරයාට එරෙහිව ඥාතීන්ගෙන් පැමිණිල්ලක් (Video)
Tuesday, 04 October 2022 - 17:01 | Views - 1,102
හර්ෂණී ධර්මවික්‍රම.. ඇයව ඔබට මතක ඇති. වෛද්‍යවරයෙකුගේ නොසැලකිලිමත්කම නිසා තමන්ගේ ජීවිතයෙන් වන්දි ගෙවනට සිදුවුණු අලුත් බැන්ද මනාලිය ඇයයි.

වත්තල පෞද්ගලික රෝහලකදී සිදු කළ උදර සැත්කමකින් අනතුරුව ඇති වූ සංකූලතා හේතුවෙන් රාගම රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුව තිස් දෙහැවිරිදි හර්ෂණී ධර්මවික්‍රම මියගියා. මේ සිද්ධිය සම්බන්ධයෙන් සැත්කම සිදු කළ වෛද්‍ය හසංජය ගුණවර්ධනට එරෙහිව ඇයගේ ඥාතීන් පසුගිය 01 වැනිදා වත්තල පොලිසියට පැමිණිල්ලක් කර තිබෙනවා.

උදරය ආශ්‍රිත රෝගී තත්වයක් හේතුවෙන් ඇය වත්තල පෞද්ගලික රෝහලට ප්‍රතිකාර සඳහා ගොස් සිටිය දී, ඇයගේ පිත්තාශයේ ගල් ඇති බවට නිරික්ෂණය වීම හේතුවෙන් ඒ සඳහා ශල්‍යකර්මයක් සිදු කළ යුතු බවට වෛද්‍යවරයා නිර්දේශ කර ඇති බවට වාර්තා වෙනවා. ඉහත වෛද්‍යවරයා ඉකුත් පළමු වැනිදා හර්ෂණීට මෙම සැත්කම සිදුකර ඇති අතර සැත්කමින් පසුව ඇති වූ සංකූලතා හේතුවෙන් අසාධ්‍ය තත්වයක් මත සැත්කම කළ දිනට පසු දින ඇය රාගම රෝහලට ඇතුළත් කර තිබෙනවා.

රාගම රෝහලේ දින 23ක් නේවාසික ප්‍රතිකාර ලබන අතරතුර ඇයට නැවත සැත්කම් දෙකක් ද සිදුකර ඇති බව පැමිණිල්ලේ සඳහන් වෙනවා. මෙම දින 23 රාගම රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටි හර්ෂණී ඉකුත් 25 වන දින මියගියා. මෙම සිද්ධියේ වෛද්‍ය හසංජය ගුණවර්ධනට එරෙහිව ඇයගේ ඥාතීන් නීතිඥවරුන් පිරිසක් සමග වත්තල පොලිසියට පැමිණ පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබෙනවා. සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශනයක් ආරම්භ කර ඇති බව වත්තල පොලිසිය කියයි.

පවුලේ ඥාතීන් චෝදනා කළේ පෞද්ගලික රෝහලක් තුළ ඇයට සැත්කම සිදුකළ වෛද්‍යවරයාගේ නොසැලකිල්ල මත මෙම මරණය සිදුවූ බවයි. ආමාශ ආන්ත්‍රික ශල්‍ය වෛද්‍ය හසංජය ගුණවර්ධන ගාල්ල කරාපිටිය ශික්ෂණ රෝහලේ මින් ඉහත පුහුණුව ලැබූ වෛද්‍යවරයෙකි. 


Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
පුංචි තිරයෙන් මෙන්ම සමාජ මාධ්‍ය ඔස්සේ ලාංකේය ප්‍රේක්ෂක හදවත් දිනාගත් සුන්දර...
Hiru Tv Blog
අමෙරිකානු පොප් ගායිකා ඇෂේ (Ashe) සිය පළමු විවාහයේදී මුහුණ දුන් අමිහිරි අත්දැකීමක්...
Hiru Tv Blog
ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් දෛනිකව භාවිතා කරන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top