මංගල දැන්වීමෙන් කතුන් රවටා කළ අමුතුම ජාවාරම
Tuesday, 04 October 2022 - 16:27 | Views - 630

පුවත්පත්වල මංගල දැන්වීම් පළකර කාන්තාවන් රවටා රුපියල් කෝටි ගණන් මුදල් වංචා කළ පුද්ගලයකු පානදුර, හිරණ ප්‍රදේශයේදී හෝමාගම විශේෂ අපරාධ විමර්ෂණ ඒකකය අත්අඩංගුවට ගත් බව උසස් පොලිස් නිලධාරියකු පැවසීය.

මෙම සැකකරු ව්‍යාපාරිකයකු සහ විශ්වවිද්‍යාල ආචාර්වරයකු ලෙස පෙනී සිටිමීන් මංගල දැන්වීම්වලට ප්‍රතිචාර දක්වන කාන්තාවන් සමඟ සම්බන්ධකම් ගොඩනගා ගනිමින් ලක්‍ෂ ගණනින් මුදල් ලබාගෙන ඇති බවත් ඔහුගේ වංචාවට හසුවූ කාන්තාවන් අතර පාසල් ගුරුවරියන් වැඩි සංඛ්‍යාවක් සිටින බවත් එම නිලධාරියා කීය.

ගම්පහ, උඩුගම්පොළ ප්‍රදේශයේ පදිංචි 45 හැවිරිදි මෙම පුද්ගලයා ‘රාහුල ජයසිංහ’ නැමැති ව්‍යාජ නමකින් පෙනී සිටිමින් මෙම වංචා කර ඇති බවත් ඔහුගේම දෙම්පියන් සමඟ මනාලියන් බැලීමට නිවෙස්වලට ගොස් ඇති බවත් පොලිසිය කීය.

මුල්ලේරියාව, ගොතටුව, ගම්පහ, මිනුවන්ගොඩ, මොරටුව සහ පානදුර ආදි ප්‍රදේශ රැසක කාන්තාවන් රවටා කෝටි ගණන් මුදල් වංචා කර ඇති බව කියන පොලිසිය ජපානයේ පදිංචි කාන්තාවක් රවටා රුපියල් ලක්‍ෂ 20 ක මුදලක් ද ලබාගෙන ඇති බව ද පොලිසිය සඳහන් කළේය.

එම සැකකරු කාන්තාවන් රවටා ලබාගන්නා මුදල්වලින් පානදුර හිරණ ප්‍රදේශයේ කුලී නිවසක සුඛෝපභෝගී ජීවිතයක්ගත කරමින් සිටියදී අත්අඩංගුවට පත්වූ බව කී පොලිසිය ඔහු රැවටීමට ලක්කළ කාන්තවන්ගේ හැදුනුම්පත් සහ විදේශ ගමන් බලපත්‍ර යොදාගෙන දුරකථන සම්බන්ධතා රැසක් ලබාගෙන ඇති බව ද පොලිසිය වැඩි දුරටත් කීය.



(උපුටා ගැනීම - ලංකාදීප )

Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
පුංචි තිරයෙන් මෙන්ම සමාජ මාධ්‍ය ඔස්සේ ලාංකේය ප්‍රේක්ෂක හදවත් දිනාගත් සුන්දර...
Hiru Tv Blog
අමෙරිකානු පොප් ගායිකා ඇෂේ (Ashe) සිය පළමු විවාහයේදී මුහුණ දුන් අමිහිරි අත්දැකීමක්...
Hiru Tv Blog
ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් දෛනිකව භාවිතා කරන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top