
පුවත්පත්වල මංගල දැන්වීම් පළකර කාන්තාවන් රවටා රුපියල් කෝටි ගණන් මුදල් වංචා කළ පුද්ගලයකු පානදුර, හිරණ ප්‍රදේශයේදී හෝමාගම විශේෂ අපරාධ විමර්ෂණ ඒකකය අත්අඩංගුවට ගත් බව උසස් පොලිස් නිලධාරියකු පැවසීය.
මෙම සැකකරු ව්‍යාපාරිකයකු සහ විශ්වවිද්‍යාල ආචාර්වරයකු ලෙස පෙනී සිටිමීන් මංගල දැන්වීම්වලට ප්‍රතිචාර දක්වන කාන්තාවන් සමඟ සම්බන්ධකම් ගොඩනගා ගනිමින් ලක්ෂ ගණනින් මුදල් ලබාගෙන ඇති බවත් ඔහුගේ වංචාවට හසුවූ කාන්තාවන් අතර පාසල් ගුරුවරියන් වැඩි සංඛ්‍යාවක් සිටින බවත් එම නිලධාරියා කීය.
ගම්පහ, උඩුගම්පොළ ප්‍රදේශයේ පදිංචි 45 හැවිරිදි මෙම පුද්ගලයා ‘රාහුල ජයසිංහ’ නැමැති ව්‍යාජ නමකින් පෙනී සිටිමින් මෙම වංචා කර ඇති බවත් ඔහුගේම දෙම්පියන් සමඟ මනාලියන් බැලීමට නිවෙස්වලට ගොස් ඇති බවත් පොලිසිය කීය.
මුල්ලේරියාව, ගොතටුව, ගම්පහ, මිනුවන්ගොඩ, මොරටුව සහ පානදුර ආදි ප්‍රදේශ රැසක කාන්තාවන් රවටා කෝටි ගණන් මුදල් වංචා කර ඇති බව කියන පොලිසිය ජපානයේ පදිංචි කාන්තාවක් රවටා රුපියල් ලක්ෂ 20 ක මුදලක් ද ලබාගෙන ඇති බව ද පොලිසිය සඳහන් කළේය.
එම සැකකරු කාන්තාවන් රවටා ලබාගන්නා මුදල්වලින් පානදුර හිරණ ප්‍රදේශයේ කුලී නිවසක සුඛෝපභෝගී ජීවිතයක්ගත කරමින් සිටියදී අත්අඩංගුවට පත්වූ බව කී පොලිසිය ඔහු රැවටීමට ලක්කළ කාන්තවන්ගේ හැදුනුම්පත් සහ විදේශ ගමන් බලපත්‍ර යොදාගෙන දුරකථන සම්බන්ධතා රැසක් ලබාගෙන ඇති බව ද පොලිසිය වැඩි දුරටත් කීය.
(උපුටා ගැනීම - ලංකාදීප )
209 Views
106 Views
97 Views
169 Views
70 Views
89 Views
85 Views
62 Views
138 Views
70 Views
101 Views
166 Views
196 Views
660 Views