ජනපතිගෙන් විශේෂ ප්‍රකාශයක්
Tuesday, 04 October 2022 - 10:08 | Views - 774
රටේ වත්මන් ආර්ථික තත්ත්වය පිළිබඳව ජනාධිපති රනිල් වික්‍රමසිංහ විසින් එළඹෙන බ්‍රහස්පතින්දා (06) දිනයේ දී, පාර්ලිමේන්තුවේ දී විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිතයි.
මේ සම්බන්ධයෙන් සාකච්ඡාවක් ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් පැවති ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රී කණ්ඩායම් රැස්වීමේ දී සාකච්ඡා වී තිබෙනවා.
වත්මන් ආර්ථික තත්ත්වය පිළිබඳව සහ ජාත්‍යන්තර සහයෝගය පිළිබඳ ජනාධිපතිවරයා විසින් මෙම විශේෂ ප්‍රකාශය සිදු කිරීමට නියමිත බවයි වාර්තා වන්නේ.
අදාල ප්‍රකාශයෙන් අනතුව ඒ සම්බන්ධයෙන් පාර්ලිමේන්තු විවාදයක් ලබා දීමටත් සූදානමින් සිටින බවයි වාර්තා වන්නේ.
Share This Article