අසත්‍ය ප්‍රකාශවලට නො රැවටෙන්න - ඇමති කංචන
Tuesday, 04 October 2022 - 9:58 | Views - 1,103

සිපෙට්කෝ පිරවුම්හල්වලින් පරිහරණ ගාස්තු බද්ද අය නොකරන බවට ලබාදුන් පොරොන්දුව කඩ කරමින් ඛනිජ තෙල් නීතිගත සංස්ථාව එම බද්ද අය කිරීමට විරෝධය පළ කරමින් අද දිනය සඳහා වන සියලුම ඇනවුම් අවලංගු කරන බව ඛනිජ තෙල් බෙදුම්කරුවන්ගේ සංගමයේ සම ලේකම් කපිල නාඔටුන්න ප්‍රකාශ කළා.
අලෙවියට සාපේක්ෂව පසුගිය වසරේ ගෙවූ වට්ටමෙන් කොටසක් බද්දක් ලෙස ඛනිජ තෙල් සංස්ථාව ඉන්ධන මිල දී ගැනීමට තැන්පත් කරන මුදලින් අය කර ගන්නා බව දැනුම් දී තිබූ බවත් ඒ සම්බන්ධයෙන් යොමු වූ විරෝධයත් සමඟ එය අය නො කරන බව දැනුම් දී තිබූ බව යි ඔහු කියා සිටියේ.
කෙසේ වෙතත්, විෂය භාර අමාත්‍ය කංචන විජේසේකර ට්විටර් පණිවුඩයක් නිකුත් කරමින් කියා සිටියේ, ඉන්ධන සැපයුම කිසිදු බාධාවකින් තොර ව සිදු කෙරෙන බව යි.
ඒ හේතුවෙන් නො මඟ යවනසුලු පුවත් සහ ප්‍රකාශ සම්බන්ධයෙන් කලබල නො වන ලෙස ඔහු ජනතාවගෙන් ඉල්ලා සිටියා.
මේ අතර, විදුලිබල සැපයුම සම්බන්ධ සියලු සේවාවන්, ඛනිජ තෙල් නිෂ්පාදන හා ඉන්ධන සැපයුම හෝ බෙදාහැරීම, රෝහල්වල සාත්තු නිවාසවල හෝ බෙහෙත්ශාල සහ ඒ හා සම්බන්ධ වෙනත් ආයතන තවදුරටත් අත්‍යාවශ්‍ය සේවාවන් බවට පත් කරමින් ගැසට් නිවේදනයක් නිකුත් කර තිබෙනවා.
Share This Article