ශ්‍රී ලාංකික ශ්‍රමිකයන්ට සාත්තු සේවක අංශයේ රැකියා දහසකට අධික සංඛ්‍යාවක් ලබාදීමට ජපානය සහතික වී තිබෙනවා.
ජපානයේ සංචාරයක නිරත කම්කරු සහ විදේශ රැකියා අමාත්‍ය මනූෂ නානායක්කාරට මෙම සහතිකය ලබාදී ඇත්තේ එරට ජී.ටී. එන් විදේශ රැකියා ආයතනය විසින්.
මෙම වසර තුළ කඩිනමින් සාත්තු සේවකයන් 150 දෙනෙකු බඳවා ගැනීමටද එහිදී එකඟතාව පළකර තිබෙනවා.
ජපානය තුළ විදේශ රැකියා පහසුකම් ලබාදෙන ප්‍රමුඛතම ආයතනයක් වන ජී.ටී. එන් ආයතනය මේ වන විට විදේශිය ශ්‍රමිකයන් තුන්ලක්ෂ පනස් දහසකට අධික සංඛ්‍යාවකට ජපානය තුළ රැකියාලබා දී තිබෙනවා.