ජීවිතය තාවකාලිකයි - රංගනය සදාකාලිකයි , දැයෙන් සමුගත් දර්ශන්ට පිදෙන ආදරය (Video)
Monday, 03 October 2022 - 14:31 | Views - 545
අභාවප්‍රාප්ත ජනප්‍රිය රංගන ශිල්පී දර්ශන් ධර්මරාජ්ගේ දේහය මහජන ගෞරවය සඳහා මේ වන විට කොළඹ පෞද්ගලික මල් ශාලාවක තැන්පත් කර තිබෙනවා.

දේහයට අවසන් ගෞරව දැක්වීම සඳහා කලාකරුවන් ඇතුළු විශාල පිරිසක් එක්ව සිටිනවා.

ජනප්‍රිය රංගන ශිල්පී දර්ශන් ධර්මරාජ් ඊයේ (02) සිය ජීවන රඟ මඩලෙන් සමුගත්තා.

හෘදයාබාධයක් හේතුවෙන් කොළඹ ජාතික රෝහලට ඇතුළත් කළ ඔහු ඉන් පැය භාගයකට පමණ පසු මිය ගියේ, මෙරට කලාවට හිඩසක් ඉතිරි කරමින්.

දර්ශන්ගේ දේහය මේ වන විට කොළඹ පිහිටි පෞද්ගලික මල්ශාලාවක තැන්පත් කර ඇති අතර, දේහයට අවසන් ගෞරව දැක්වීම සඳහා ඥාතීන්, කලාකරුවන්
ඇතුළු විශාල පිරිස් පැමිණෙමින් සිටිනවා.

පස්වරු තුන දක්වා පෞද්ගලික මල් ශාලාවේ තැන්පත් කර තැබෙන දේහය ඉන් අනතුරු ව ඔහුගේ උපන් ගම වන රත්නපුර රක්වාන, කොට්ටව වෙත රැගෙන යාමට
නියමිත යි.

මෙරට පැවති යුදමය වාතාවරණය අලලා සෑදුණු ප්‍රභාකරන් චිත්‍රපටයේ එල්ටීටීඊ සංවිධානයේ නායකයාගේ චරිතයට පණ පෙවූ දර්ශන් ධර්මරාජ්, එතැන් පටන්
ලාංකීය සිනමාවේ ගාමණී, ඉරහඳ යට, මචං, මාතා, සුනාමි, පෝරිසාදයා, ආලෝකෝ උදපාදී වැනි අතිශය ජනාදරය දිනාගත් චිත්‍රපට රැසක ප්‍රබල චරිත වෙනුවෙන්
රංගනයෙන් දායක වුණා.

2012 වර්ෂයේ දී තිරගත වූ ඉනිඅවන් චිත්‍රපටයේ රංගනය වෙනුවෙන් 2014 හිරු ගෝල්ඩන් එවෝර්ඩ් සම්මාන රාත්‍රියේ දී හොඳම නළුවාට හිමි සම්මානයෙන් පිදුම්
ලැබීම, ඔහුගේ රංගන ජීවිතයේ සංදිස්ථානයක්.

හිරු ටීවී ඔස්සේ විකාශය වන දිවිතුරා සහ රැල්ලට වෙරළට ආදරෙයි යන ජනතා ආකර්ශනය දිනාගත් ටෙලි නාට්‍ය මාලා දෙකෙහි ද කැපී පෙනෙන ලෙසින් දර්ශන්
ධර්මරාජ් සිය රංග ප්‍රතිභාව විදහා දැක්වීමට සමත් වුණා.

ටෙලිනාට්‍ය රැසකට ද සිය රංග ප්‍රතිභාව එක් කළ දර්ශන් ධර්මරාජ්ගේ, රූපවාහිනී තිරයේ අවසන් දර්ශන මාලාව මෙය යි.

සිය රංගන ප්‍රතිභාවෙන් කලාව පෝෂණය කළ දර්ශන්ගේ දේහය පිළිබද අවසන් කටයුතු ලබන බදාදා රක්වානේ දී සිදු කිරීමට නියමිත ව තිබෙනවා. 




Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
පුංචි තිරයෙන් මෙන්ම සමාජ මාධ්‍ය ඔස්සේ ලාංකේය ප්‍රේක්ෂක හදවත් දිනාගත් සුන්දර...
Hiru Tv Blog
අමෙරිකානු පොප් ගායිකා ඇෂේ (Ashe) සිය පළමු විවාහයේදී මුහුණ දුන් අමිහිරි අත්දැකීමක්...
Hiru Tv Blog
ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් දෛනිකව භාවිතා කරන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top