ඉන්දියාවේ රෙලියන්ස් ජියෝ සමාගම ඉතා ම අඩු මිලකට ලැප්ටොප් පරිගණකයක් වෙළෙඳපොළට හඳුන්වා දී තිබෙනවා.
4G සිම් කාඩ්පතක් ද භාවිත කළ හැකි මෙම ලැප්ටොප් පරිගණකය ඩොලර් 184ක් හෙවත් ඉන්දියානු රුපියල් 15,000කට මිල දී ගත හැකි බව යි වාර්තා වන්නේ.
ගෝලීය මෘදුකාංග දැවැන්තයන් වන Qualcomm (QCOM.O) සහ Microsoft සමඟ මෙම වැඩසටහන හවුල් වී ඇති අතර, එහි සමහර යෙදවුම් සඳහා සහාය ලබා දෙන්නේ, Windows නිෂ්පාදකයන් විසින්.