බස් සංගමේ බලාපොරොත්තුව ? (Video)
Sunday, 02 October 2022 - 15:27 | Views - 259
ඊයේ (01) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක කෙරුණු පෙට්‍රල් මිල සංශෝධනය අනුව ඔක්ටේන් 92 වර්ගයේ පෙට්‍රල් ලීටරයක මිල රුපියල් 40 කින් සහ ඔක්ටේන් 95 වර්ගයේ පෙට්‍රල් ලීටරයක මිලද රුපියල් 30 කින් පහත දැමුණ ද පවත්නා ත්‍රීරෝද රථ ගාස්තු අඩු නො කරන බව ත්‍රී රෝද රථ වෘත්තීය සමිති ප්‍රකාශ කරනවා.

ඒ සතියකට ලබාදෙන ඉන්ධන කෝටාව ප්‍රමාණවත් නො වන බැවින් මිල අඩු කිරීමේ හැකියාවක් තමන්ට නො මැති බවයි ඔවුන් පවසන්නේ.

මේ අතර බස් හිමියන් පවසන්නේ වහා ඩීසල් මිල අඩුවීමක් ලබාදීමට රජය කටයු කළ යුතු බවයි.

එලෙස ම ඩීසල් මිල ගණන් පහළ ගියොත්, එහි වාසිය බස් මගීන්ට ලබා දිය හැකි බව ද බස් රථ සංගම් ප්‍රකාශ කරනවා.

ඊයේ (01) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක කෙරෙන පෙට්‍රල් සංශෝධනයෙන් අනතුරුව ඔක්ටේන් 92 වර්ගයේ පෙට්‍රල් ලීටරයක නව මිල රුපියල් 410 ක් සහ ඔක්ටේන් 92 වර්ගයේ පෙට්‍රල් ලීටරයක නව මිල රුපියල් 510 ක් දක්වා පහත වැටුණා.

විදුලි බල හා බල ශක්ති අමාත්‍යංශය විසින් හඳුන්වා දුන් ඉන්ධන මිල සූත්‍රය අනුව ලෝක වෙළෙඳපොලේ ඉන්ධන මිල ගණන්වල උච්චාවචනයන්ට අනුව මෙරට ඉන්ධන මිල ගණන් ද උච්චාවචනය වන බව එම අමාත්‍යංශය විසින් මීට පෙර සඳහන් කළ අතර සෑම මසක ම 1 වැනි දා සහ 15 වැනි දා මෙම මිල සංශෝධන ප්‍රකාශයට පත් කරන බව ද එම අමාත්‍යංශය විසින් මීට පෙර දී දැනුම් දුන්නා.

කෙසේ නමුත් මෙම මිල සංශෝධනය සමග ඔටෝ ඩීසල්, සුපර් ඩීසල් සහ භූමිතෙල් මිල ගණන් වල සංශෝධනයක් සිදු වූයේ නැහැ. 


Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
පුංචි තිරයෙන් මෙන්ම සමාජ මාධ්‍ය ඔස්සේ ලාංකේය ප්‍රේක්ෂක හදවත් දිනාගත් සුන්දර...
Hiru Tv Blog
අමෙරිකානු පොප් ගායිකා ඇෂේ (Ashe) සිය පළමු විවාහයේදී මුහුණ දුන් අමිහිරි අත්දැකීමක්...
Hiru Tv Blog
ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් දෛනිකව භාවිතා කරන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top