බස් සංගමේ බලාපොරොත්තුව ? (Video)
Sunday, 02 October 2022 - 15:27 | Views - 260

ඊයේ (01) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක කෙරුණු පෙට්‍රල් මිල සංශෝධනය අනුව ඔක්ටේන් 92 වර්ගයේ පෙට්‍රල් ලීටරයක මිල රුපියල් 40 කින් සහ ඔක්ටේන් 95 වර්ගයේ පෙට්‍රල් ලීටරයක මිලද රුපියල් 30 කින් පහත දැමුණ ද පවත්නා ත්‍රීරෝද රථ ගාස්තු අඩු නො කරන බව ත්‍රී රෝද රථ වෘත්තීය සමිති ප්‍රකාශ කරනවා.
ඒ සතියකට ලබාදෙන ඉන්ධන කෝටාව ප්‍රමාණවත් නො වන බැවින් මිල අඩු කිරීමේ හැකියාවක් තමන්ට නො මැති බවයි ඔවුන් පවසන්නේ.
මේ අතර බස් හිමියන් පවසන්නේ වහා ඩීසල් මිල අඩුවීමක් ලබාදීමට රජය කටයු කළ යුතු බවයි.
එලෙස ම ඩීසල් මිල ගණන් පහළ ගියොත්, එහි වාසිය බස් මගීන්ට ලබා දිය හැකි බව ද බස් රථ සංගම් ප්‍රකාශ කරනවා.
ඊයේ (01) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක කෙරෙන පෙට්‍රල් සංශෝධනයෙන් අනතුරුව ඔක්ටේන් 92 වර්ගයේ පෙට්‍රල් ලීටරයක නව මිල රුපියල් 410 ක් සහ ඔක්ටේන් 92 වර්ගයේ පෙට්‍රල් ලීටරයක නව මිල රුපියල් 510 ක් දක්වා පහත වැටුණා.
විදුලි බල හා බල ශක්ති අමාත්‍යංශය විසින් හඳුන්වා දුන් ඉන්ධන මිල සූත්‍රය අනුව ලෝක වෙළෙඳපොලේ ඉන්ධන මිල ගණන්වල උච්චාවචනයන්ට අනුව මෙරට ඉන්ධන මිල ගණන් ද උච්චාවචනය වන බව එම අමාත්‍යංශය විසින් මීට පෙර සඳහන් කළ අතර සෑම මසක ම 1 වැනි දා සහ 15 වැනි දා මෙම මිල සංශෝධන ප්‍රකාශයට පත් කරන බව ද එම අමාත්‍යංශය විසින් මීට පෙර දී දැනුම් දුන්නා.
කෙසේ නමුත් මෙම මිල සංශෝධනය සමග ඔටෝ ඩීසල්, සුපර් ඩීසල් සහ භූමිතෙල් මිල ගණන් වල සංශෝධනයක් සිදු වූයේ නැහැ.
Share This Article