ජ්‍යෙෂ්ඨ පුරවැසියන්ගේ ස්ථාවර තැන්පතු සඳහා දී තිබූ 15%ක විශේෂ පොලී අනුපාතික අත්හිටුවීමට පියවර ගෙන තිබෙනවා.
මහ බැංකුව ලිපියක් මගින් බැංක සහ මූල්‍ය ආයතන වෙත දැනුම්දී ඇත්තේ ඊයේ(01) සිට මෙම නියෝගය බලපැවැත්වෙන බවයි.
සැප්තැම්බර් 22 වනදා කැබිනට් මණ්ඩලය විසින් ගත් තීරණයක් අනුව පසුගිය 29 වන දා මහා භාණ්ඩාගාරයේ ලේකම්වරයා විසින් මෙම දැනුම්දීම සිදුකර ඇති බවද සඳහන්.
ඒ අනුව ඔක්තෝබර් 01 දා සිට ජ්‍යෙෂ්ඨ පුරවැසියන් වෙත විශේෂ පොලී අනුපාතිකයක් සහිතව ස්ථාවර තැන්පතු අලුතින් විවෘත කිරීම හෝ දැනට පවතින ස්ථාවර තැන්පතු අලුත් කිරීමක් සිදු නො කරන ලෙසටයි මහබැංකුව විසින් සියලු වාණිජ බැංකු සහ බලපත්‍රලාභි විශේෂිත බැංකු වෙත දන්වා ඇත්තේ.