දුම්වැටියක මිල රුපියල් 5කින් ඉහළට
Sunday, 02 October 2022 - 13:12 | Views - 1,343
දුම්වැටියක මිල ඊයේ සිට රුපියල් 5කින් ඉහළ දැමූ බව දුම්වැටි අලෙවිකරුවන් පවසනවා.
අලෙවි නියෝජිතයන් විසින් ඊයේ (01) දිනයේ වෙළඳසැල් වෙත ලබා දුන් දුම්වැටිවල මිල රුපියල් 5 කින් ඉහළ නංවා අලෙවි කිරීම හේතුවෙන් තමන් ද දුම්වැටි මිල 5කින් වැඩි කළ බවයි වෙළඳසැල් හිමියන් සඳහන් කළේ.
කෙසේ වෙතත්, පසුගිය අයවැයෙන් හඳුන්වාදුන් සමාජ ආරක්ෂණ බද්ධ ඊයේ (01) දින සිට ක්‍රියාත්මක වීම මෙම සිගරට්ටුවක මිල වැඩිවීමට ප්‍රධාන හේතුව බවයි වැඩිදුරටත් සඳහන් වුණේ.
Share This Article