ජනප්‍රිය රංගන ශිල්පී දර්ශන් ධර්මරාජ් ජීවන රඟ මඩලට සමුදෙයි (Video)
Sunday, 02 October 2022 - 8:32 | Views - 2,588


ජනප්‍රිය රංගන ශිල්පී දර්ශන් ධර්මරාජ් අද සිය දිවි ගමනට සමු දුන්නා.


රත්නපුර රක්වාන, කොට්ටව ග්‍රාමයේ උපත ලද දර්ශන් ධර්මරාජ් අධ්‍යාපනය හැදෑරුවේ, රක්වාන ශාන්ත ජෝන් දෙමළ විද්‍යාලයෙන්.

රගංන ශිල්පියෙකු වීමේ බලාපොරොත්තුවෙන් 90 දශකයේ අග භාගයේදී කොළඹට පැමිණෙන දර්ශන් අවස්ථා ගණනාවකදීම ඒ වෙනුවෙන් දැරූ උත්සාහයන් ව්‍යර්ථ වුවද, 2008 වර්ෂයේදී ඔහුගේ සිහිනය සැබෑ වුණා.

ඒ, ටෙලිනාට්‍ය කතා මාලාවක මූලික චරිතයකට පණ පෙවීමට අවස්ථාව හිමිවීමෙන්.

එම වර්ෂයේදීම‍, මෙරට පැවති යුදමය වාතාවරණය අළලා සෑදුණු ප්‍රභාකරන් චිත්‍රපටයේ එල්ටීටීඊ සංවිධානයේ නායකයාගේ චරිතයට පණ පෙවීමේ භාග්‍යය උදාකරගත් දර්ශන් එතැන් පටන් ලාංකීය සිනමාවේ ගාමිණී, ඉරහඳ යට, මචං, මාතා, සුනාමි,පෝරිසාදයා, ආලෝකෝ උදපාදී වැනි අතිශය ජනාදරයට පාත්‍ර වූ චිත්‍රපට රැසක ප්‍රබල චරිත වෙනුවෙන් රංගනයෙන් දායක වුණා.

2012 වර්ෂයේදී තිරගත වූ ඉනි අවන් චිත්‍රපටයේ රංගනය වෙනුවෙන් 2014 හිරු ගෝල්ඩන් එවෝර්ඩ්ස් සම්මාන රාත්‍රියේදී හොඳම නළුවාට හිමි සම්මානයෙන් පිදුම් ලැබීම, ඔහුගේ රංගන ජීවිතයේ සංදිස්ථානයක්.

එමෙන්ම, ටෙලිනාට්‍ය රැසකට සිය රංග ප්‍රතිභාව එක් කළ දර්ශන් ධර්මරාජ්ගේ, රූපවාහිනී තිරයේ අවසන් දර්ශන මාලාව හිරු ටීවි ඔස්සේ ඔබට සමීප වුණා. ඒ රැල්ල වෙරළට ආදරෙයි ටෙලි සිත්තම ඔස්සේ.

දිවිතුරා සහ රැල්ලට වෙරළට ආදරෙයි යන අතිශය ජනතා ආකර්ශනය දිනාගත් ටෙලි නාට්‍ය මාලා දෙකෙහිම කැපී පෙනෙන චරිත
ඔස්සේ දර්ශන් ධර්මරාජ් සිය රංග ප්‍රතිභාව විදහා දැක්වීමට සමත් වුණා.

දර්ශන් ධර්මරාජ් අද පෙරවරුවේ, අසනීප තත්ත්වයක් හේතුවෙන් කොළඹ ජාතික රෝහලට ඇතුළත් කළ අතර, රෝහල් ප්‍රකාශකයෙකු පැවසුවේ, ඉන් පැය භාගයකට පමණ පසු ඔහු මියගිය බවයි.

පහතින් දැක්වෙන්නේ ඔහු සම්මානය දෝතට ගත් ඒ සොඳුරු මොහොතයි.... 



මේ දර්ශන් අවසන් වරට පෙනී සිටි ඒ "රැල්ල වෙරළට ආදරෙයි" ටෙලි නිර්මාණයේ දර්ශන පෙළයි..






Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
පුංචි තිරයෙන් මෙන්ම සමාජ මාධ්‍ය ඔස්සේ ලාංකේය ප්‍රේක්ෂක හදවත් දිනාගත් සුන්දර...
Hiru Tv Blog
අමෙරිකානු පොප් ගායිකා ඇෂේ (Ashe) සිය පළමු විවාහයේදී මුහුණ දුන් අමිහිරි අත්දැකීමක්...
Hiru Tv Blog
ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් දෛනිකව භාවිතා කරන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top