දරුවන්ට අනවශ්‍ය බර පටවන්න එපා - අධ්‍යාපන අමාත්‍යංශය
Saturday, 01 October 2022 - 16:22 | Views - 869
අධ්‍යාපන අමාත්‍යාංශය අනුමත කරන පාසල් ගාස්තු හැර ළමා , ගුරු දින ඇතුළු විවිධ උත්සව සඳහා දරුවන්ගෙන් සහ මවුපියන්ගෙන් මුදල් එකතු කිරීමෙන් වළකින ලෙස අධ්‍යාපන අමාත්‍යංශය පාසල් බලධාරීන්ගෙන් විශේෂ ඉල්ලීමක් කර තිබෙනවා.
එසේම, පාසල්වල අවිධිමත් ලෙස මුදල් අය කිරීම තහනම් කරමින් 2015/5 චක්‍රලේඛය නිකුත් කර ඇති බව පැවසූ අධ්‍යාපන ලේකම්වරයා මවුපියන් දැඩි ආර්ථික අපහසුතා මැද සිටින අවස්ථාවක ඔවුන් මත අනවශ්‍ය බර පටවමින් කටයුතු නොකිරීමට විශේෂයෙන් විදුහල්පතිවරුන් වග බලා ගත යුතු බවද වැඩිදුරටත් සඳහන් කළා.
කෙසේ වෙතත්, පාසල් දරුවන්ගෙන් සහ මවුපියන්ගෙන් විවිධ ආකාරයේ මුදල් අය කිරීමේ සිද්ධීන් ගණනාවක් පිළිබඳව පසුගිය දිනවල තොරතුරු අනාවරණය වූ බවද සඳහන්.
( උපුටා ගැනීම - ලංකාදීප )
Share This Article