හැටන් මාර්ගයේ යන රියදුරන්ට පණිවිඩයක්
Saturday, 01 October 2022 - 16:08 | Views - 437
මධ්‍යම කඳුකරයට ඇදහැලෙන අධික වර්ෂාවත් සමග නුවරඑළිය සහ හැටන් කොළඹ ප්‍රධාන මාර්ගයේ දැඩි මීදුම් තතත්වයක් හට ගෙන ඇති බව නුවරඑළිය දිස්ත්‍රික් ආපදා කළමනාකරණය ඒකකය පවසනවා.
එසේම, වර්ෂාව සහ දැඩි සුළං හේතුවෙන් එම මාර්ගවල රථ වාහන ගමන් කිරීමේදී සැලකිලිමත් වන ලෙසයි නුවරඑළිය ආපදා කළමනාකරණ ඒකකයේ සහකාර අධ්යක්ෂ රංජිත් අලහකෝන් රියදුරන්ගෙන් ඉල්ලා සිටින්නේ.
එමෙන් ම, මාර්ග දෙපස වාහන ගාල් නොකරන ලෙසද ඔහු රියදුරන්ගෙන් ඉල්ලීමක් කරනවා.
Share This Article