ශ්‍රී ලාංකේය ගුවන් විදුලි මාධ්‍ය කලාවේ අති දැවැන්ත ප්‍රසාංගික අත්දැකීම හිරු මෙගාබ්ලාස්ට් අද රාත්‍රී 9 ට කැළණිය - පොල්හේන - සීවලි කැලණිතිලක ක්‍රීඩාංගනයේදී පැවැත්වීමට සියලු කටයුතු මේ වනවිට සූදානම්.
විශ්මිත අලෝක රටාවන්ගෙන් අලංකාර වන අති දැවැන්ත වේදිකාවේ සිට මෙවර මෙගා බ්ලාස්ට් ප්‍රසංගය සංගීතයෙන් හැඩ කරන්නේ රොෂාන් ප්‍රනාන්දු ප්‍රමුඛ ෆ්ලෑෂ් බෑක් සංගීත කණ්ඩායමයි.
නිරෝෂා තලගල විත් යූ ඩාන්සර්ස් නර්තන කණ්ඩායම හිරු මෙගා බ්ලාස්ට් නර්තනයෙන් හැඩ කරනවා.
සම්පූර්ණයෙන් නොමිලේ පැවැත්වෙන මෙම ප්‍රසංගය ගායනයෙන් හැඩ කිරීමට ජනප්‍රිය ගායක ගායිකාවන් වන උදාර කෞෂල්‍ය, භාතිය සන්තුෂ්, සංක දිනෙත්, චාමර වීරසිංහ, භාචි සුසාන්, අමල් පෙරේරා, ශෂිකා නිසංසලා, දිනේෂ් ගමගේ, නිලාන් හෙට්ටිආරච්චි, කාංචනා අනුරාධි සහ කයිසර් කයිස් ඇතුළු පිරිසක් එක්වීමට නියමිතයි.
මේ අතර, හොඳම දේ දරුවන්ට ලබා දෙන හිරු වෙතින් ලෝක ළමාදින සැමරුම නිමිත්තෙන් හිරු දරුවෝ 2022 වැඩසටහන අද උදෑසන 8 සිට සවස දෙක දක්වා කැළණිය - පොල්හේන - සීවලි කැලණිතිලක ක්‍රීඩාංගනයේ දී පැවැත්වීමටද සියළු කටයුතු සූදානම් කර අවසන්.
මැජික් සංදර්ශන, ක්‍රීඩා, නැටුම්, ගැයුම් සමඟින් වටිනා ත්‍යාග දිනාගනිමින් විනෝද වීමට පොඩිත්තන්ට ආරාධනා කෙරෙන අතර, හිරු සුපර් ඩාන්සර් තරඟාවලියේ ජයග්‍රාහකයින් සහ සිහින ගෙනෙන කුමාරියේ ටෙලි නාට්‍යයේ ළමා නළු නිළියන්ද හිරු දරුවෝ 2022 සමඟන් එක්වනවා.
එමෙන්ම මෙහිදී කටකාර පොඩිත්තන් තෝරා ගන්නා පොඩ්ඩෝ වැඩ්ඩෝ සම්මුඛ පරීක්ෂණද පැවැත්වෙනවා.
හිරු සුපර් ඩාන්සර් සීසන් ෆෝ සඳහා මෙන්ම හිරු ස්ටෙප්අප් රියැලිටි ටෙලිවිෂන් නර්තන තරඟ සඳහා අයදුම්පත් භාර ගැනීමද අද දිනයේදී කැළණිය - පොල්හේන - සීවලි කැලණිතිලක ක්‍රීඩාංගනයේ දී සිදු කිරීමට නියමිතයි.