නොවෙනස්ව පැවතුණු ඩොලරයේ මිල
Friday, 30 September 2022 - 14:16 | Views - 718
ස්ටර්ලින් පවුමට සාපේක්ෂව රුපියල තවදුරටත් අවප්‍රමාණය වී තිබෙනවා. ඒ අනුව, ස්ටර්ලින් පවුමේ ගැනුම් මිල රු. 396. 34, විකුණුම් මිල රු. 412.46 ක් ලෙස සටහන් වී තිබුණා. කෙසේ වෙතත්, ඊයේ දිනය හා සසඳන විට එක්සත් ජනපද ඩොලරයට සාපේක්ෂව රුපියල නොවෙනස්ව පවතින අතර එහි විකුණුම් මිල රු. 369.91 ක් ලෙසයි දැක්වුනේ. එසේම, ඔස්ට්‍රේලියානු ඩොලරයට සහ යුරෝවට සාපේක්ෂව රුපියල තවදුරටත් අවප්‍රමාණය වී ඇති නමුත් කැනේඩියානු ඩොලරයට සාපේක්ෂව සුළු වශයෙන් ඉහළ ගොස් තිබෙන බවද වැඩිදුරටත් සඳහන්.

Share This Article