රත්තරන් මිලෙහි වෙනසක්
Wednesday, 28 September 2022 - 17:14 | Views - 3,608
අද වන විට මෙතෙක් ඉහළ ගොස් තිබු මෙරට රත්‍රං මිල ගණන් පහළ බසින ආකාරයක් දැකගත් හැකිව තිබෙනවා. ඒ අනුව, ඊයේ (27) කොළඹ හෙට්ටිවීදියේ රන් වෙළෙඳපොළෙහි රත්‍රං මිල ගණන්වල පහළ යෑමක් වාර්තා වී තිබෙනවා.
ඒ, කැරට් 22 රන් පවුමක මිල රු. 159,100 ක් ලෙස සහ කැරට් 24 රත්‍රං පවුමක මිල රු. 172,000 ක් ලෙසින් බවටයි සඳහන් වන්නේ.
කෙසේ වෙතත්, පසුගිය අප්‍රේල් මාසයේ හෙට්ටිවීදිය රන් වෙළෙඳපොළෙහි කැරට් 22 රන් පවුමක මිල රු. 195,000 ලෙස සහ කැරට් 24 රත්‍රං පවුමක මිල රු. 205,000 ක් ලෙසද ඉහළ ගොස් තිබුණා.
Share This Article