වැඩි වූ අඩු බර
Wednesday, 28 September 2022 - 15:49 | Views - 562
පසුගිය අගෝස්තු මාසයේ දී අවුරුදු පහට අඩු දරුවන්ගෙන් අඩු බර සහිත දරුවන් වැඩි පිරිසක් හඳුනාගෙන ඇති බව සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශය පවසනවා.
කොළඹ අද (28) පැවැති මාධ්‍ය හමුවක දී පෝෂණ විශේෂඥ වෛද්‍ය කෞශල්‍යා කස්තුරිආරච්චි සඳහන් කළේ, දිවයින පුරා පිහිටි සෞඛ්‍ය වෛද්‍ය කාර්යාලවල සිදු කළ සමික්ෂණයකින් මේ බව අනාවරණය වී ඇති බවයි.
කුඩා ළමයින්ගේ බර කිරීම් සියයට 60කින් සියයට 14ක් අඩු බර සහිත දරුවන් බවට හදුනා ගෙන තිබෙනවා.
එමෙන්ම, ගර්භණි මවුවරුන්ගේ ශරිර ස්කන්ධ දර්ශකයට අනුව මේ වසරේ අගෝස්තු මාසය දක්වා මව්වරුන් සියයට 15යි දශම දෙකක් නියමිත බර ප්‍රමාණය සම්පූර්ණ කර නොමැති මව්වරුන් බවට හදුනාගෙන ඇති බවයි පෝෂණ විශේෂඥ වෛද්‍ය කෞශල්‍යා කස්තුරිආරච්චි කියා සිටියේ.
මේ අතර, ශ්‍රි ලංකා මහජන සෞඛ්‍ය පරික්ෂකවරුගේ සංගමය අද දියත් කිරිමට නියමිත ව තිබු එක්දින සංකේත වර්ජනය අත්හිටුවා තිබෙනවා.
ඒ සෞඛ්‍ය අමාත්‍යංශයේ ලේකම්වරයා සාකච්ඡාවක් සදහා ඔවුන් කැඳවිමත් සමඟ යි.
Share This Article