වැඩි වූ අඩු බර
Wednesday, 28 September 2022 - 15:49 | Views - 563
පසුගිය අගෝස්තු මාසයේ දී අවුරුදු පහට අඩු දරුවන්ගෙන් අඩු බර සහිත දරුවන් වැඩි පිරිසක් හඳුනාගෙන ඇති බව සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශය පවසනවා.

කොළඹ අද (28) පැවැති මාධ්‍ය හමුවක දී පෝෂණ විශේෂඥ වෛද්‍ය කෞශල්‍යා කස්තුරිආරච්චි සඳහන් කළේ, දිවයින පුරා පිහිටි සෞඛ්‍ය වෛද්‍ය කාර්යාලවල සිදු කළ සමික්ෂණයකින් මේ බව අනාවරණය වී ඇති බවයි.

කුඩා ළමයින්ගේ බර කිරීම් සියයට 60කින් සියයට 14ක් අඩු බර සහිත දරුවන් බවට හදුනා ගෙන තිබෙනවා.

එමෙන්ම, ගර්භණි මවුවරුන්ගේ ශරිර ස්කන්ධ දර්ශකයට අනුව මේ වසරේ අගෝස්තු මාසය දක්වා මව්වරුන් සියයට 15යි දශම දෙකක් නියමිත බර ප්‍රමාණය සම්පූර්ණ කර නොමැති මව්වරුන් බවට හදුනාගෙන ඇති බවයි පෝෂණ විශේෂඥ වෛද්‍ය කෞශල්‍යා කස්තුරිආරච්චි කියා සිටියේ.

මේ අතර, ශ්‍රි ලංකා මහජන සෞඛ්‍ය පරික්ෂකවරුගේ සංගමය අද දියත් කිරිමට නියමිත ව තිබු එක්දින සංකේත වර්ජනය අත්හිටුවා තිබෙනවා.
  
ඒ සෞඛ්‍ය අමාත්‍යංශයේ ලේකම්වරයා සාකච්ඡාවක් සදහා ඔවුන් කැඳවිමත් සමඟ යි. 


Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
පුංචි තිරයෙන් මෙන්ම සමාජ මාධ්‍ය ඔස්සේ ලාංකේය ප්‍රේක්ෂක හදවත් දිනාගත් සුන්දර...
Hiru Tv Blog
අමෙරිකානු පොප් ගායිකා ඇෂේ (Ashe) සිය පළමු විවාහයේදී මුහුණ දුන් අමිහිරි අත්දැකීමක්...
Hiru Tv Blog
ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් දෛනිකව භාවිතා කරන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top