පවතින ආර්ථික අර්බුදය හමුවේ බැංකුවල මූල්‍ය තත්ත්වය ආරක්ෂා කර ගනිමින් ණය ලබාගෙන ඇති ව්‍යවසායකයන් වෙත උපරිම සහන ලබාදෙන ලෙස බැඩබලන මුදල් අමාත්‍ය රංජිත් සියඹලාපිටිය රාජ්‍ය බැංකු ප්‍රධානීන්ගෙන් ඉල්ලා තිබෙනවා.
ද්‍රවශීලතාවය ආරක්ෂා කර ගැනීම සදඟා බැංකු පොලී අනුපාතය ඉහළ දැමීම නිසා ඇතැම් ව්‍යවසායකයින් පීඩාවට පත්ව ඇති බවයි ඊයේ (27) පස්වරුවේ රාජ්‍ය බැංකු ප්‍රධානීන් සමග මුදල් අමාත්‍යාංශයේ පැවති සාකච්ඡාවක දී අමාත්‍යවරයා පෙන්වා දී ඇත්තේ.
එහි දී බැංකු ප්‍රධානීන් සඳහන් කර ඇත්තේ මහබැංකුව ලබා දී ඇති මාර්ගෝපදේශ අනුව යමින් අදාළ සහන ලබාදීමට ඇති හැකියාව සොයා බලන බව යි.