පෙම් හසුන් හුටපටයට ඇමති පුතු ඇවිලූ කාලගෝට්ටිය
Wednesday, 28 September 2022 - 14:22 | Views - 537
ඉකුත් 26 වැනි දා කිරිබත්ගොඩ ප්‍රදේශයේ ප්‍රසිද්ධ පෞද්ගලික උපකාරක පන්තියක් ඉදිරිපිට දී පාසල් සිසුන් දෙදෙනෙකුට පහරදීමේ සිද්ධියක් සම්බන්ධයෙන් රාජ්‍ය අමාත්‍ය ප්‍රසන්න රණවීරගේ 20 හැවිරිදි පුත්‍රයා ඇතුළු කණ්ඩායමක් කිරිබත්ගොඩ පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

සිද්ධියෙන් තුවාල ලැබූ සිසුන් දෙදෙනා ප්‍රතිකාර සඳහා රෝහල්ගත කිරීමෙන් අනතුරුව පිටව ගොස් ඇති අතර අත්අඩංගුවට ගත් රාජ්‍ය අමාත්‍යවරයාගේ පුත්‍රයා ඇතුළු කණ්ඩායම ද පොලිස් ඇපමත මුදා හැර ඇති බවයි පොලීසිය සඳහන් කළේ.

මෙම පහරදීමට රාජ්‍ය අමාත්‍යවරයාගේ පුත්‍රයා පැමිණ ඇත්තේ කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍යාංශය යටතේ ලියාපදිංචි කරන ලද වාහනයක බවට ද අනාවරණ වී තිබෙනවා.

ඔවුන් පහරදීම සඳහා පැමිණි මෝටර් රථය කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍යාංශයේ ලේකම්වරයා යටතේ ලියාපදිංචි කර ඇති ටොයෝටා 141 වර්ගයේ කළු පැහැති WP KX 8472 දරන මෝටර් රථයෙන් බවයි වාර්තා වන්නේ.

පොලීසිය සැකකරුවන්ගෙන් කරන ලද ප්‍රශ්න කිරීම් අනුව අදාල සිද්ධියට හේතුව ලෙස වාර්තා වන්නේ, ඇමති පුතුගේ මිතුරෙකුගේ පෙම්වතියකට, අදාළ සිසුන් දෙනොගෙන් අයෙක් පෙම් හසුනක් දීම හේතුවෙන් ඇති වූ ගැටුමක් බවයි. 


Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
පුංචි තිරයෙන් මෙන්ම සමාජ මාධ්‍ය ඔස්සේ ලාංකේය ප්‍රේක්ෂක හදවත් දිනාගත් සුන්දර...
Hiru Tv Blog
අමෙරිකානු පොප් ගායිකා ඇෂේ (Ashe) සිය පළමු විවාහයේදී මුහුණ දුන් අමිහිරි අත්දැකීමක්...
Hiru Tv Blog
ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් දෛනිකව භාවිතා කරන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top