විදෙස් ශ්‍රමිකයින් වෙනුවෙන් ''මනුසවි" විශ්‍රාම වැටුප් ක්‍රමය ආරම්භ වෙයි
Wednesday, 28 September 2022 - 12:18 | Views - 8,199
විදෙස් ගත ශ්‍රමිකයින් සඳහා වන විශ්‍රාම වැටුප් යෝජනා ක්‍රමය කම්කරු හා විදේශ රැකියා අමාත්‍ය මනුෂ නානායක්කාරගේ සංකල්පයකට අනුව පසුගියදා ආරම්භ කෙරුණා.

ඒ , ''මනුසවි" සමාජ ආරක්ෂණ දායක විශ්‍රාම වැටුප් ක්‍රමය නමින් බවටයි සඳහන් වන්නේ.

කෙසේ වෙතත්, අමාත්‍යවරයා සඳහන් කළේ, විදේශ ගත ශ්‍රමිකයින්ට ප්‍රති උපකාරයක් ලෙස මෙම විශ්‍රාම වැටුප් ක්‍රමය ආරම්භ කළ බවයි.

එසේම, විදෙස් ගත ශ්‍රමිකයා ලබා දෙන දායකත්ව මුදල සහ කාලය අනුව ඔහුට ලබා දෙන විශ්‍රාම වැටුප තීරණය වන බවයි වැඩිදුරටත් අදහස් දැක්වූ ඇමතිවරයා සඳහන් කළේ.

තවද , විදෙස් ගත වන අවස්ථාවේදීම , මෙම විශ්‍රාම වැටුප් ක්‍රමය ආරම්භ කළ හැකි බව ද සඳහන් වුණා. එසේම, ස්වක්‍රිය අභිමතය පරිදි මාසිකව ඩොලර් එකොළහක මුදලක් වසර හතරක් තිස්සේ මෙයට යොමු කළ හොත් , පනස් පහෙන් පසු රුපියල් විසිදහසක ආරම්භක තලයේ මාසික විශ්‍රාම වැටුපක් හිමිවෙන බවද , තමන්ට කැමති සැලසුමක් තමන්ගේ කැමැත්ත අනුව තෝරා ගැනීමේ අවස්ථාව ඇති බවද වැඩිදුරටත් සඳහන් වුණා.

එසේම , මේ පිළිබඳව වැඩිදුර තොරතුරු අවශ්‍ය ඕනෑම අයෙකුට කම්කරු හා විදේශ රැකියා අමාත්‍යංශය මගින් ඒ පිළිබඳව විස්තර ලබා ගැනීමේ හැකියාව පවතින බවද අවසාන වශයෙන් සඳහන් වුණා. 




Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
පුංචි තිරයෙන් මෙන්ම සමාජ මාධ්‍ය ඔස්සේ ලාංකේය ප්‍රේක්ෂක හදවත් දිනාගත් සුන්දර...
Hiru Tv Blog
අමෙරිකානු පොප් ගායිකා ඇෂේ (Ashe) සිය පළමු විවාහයේදී මුහුණ දුන් අමිහිරි අත්දැකීමක්...
Hiru Tv Blog
ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් දෛනිකව භාවිතා කරන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top