මත්පැන් භාවිතය වෙනස් වෙයි
Wednesday, 28 September 2022 - 11:29 | Views - 755
පවතින ආර්ථික අර්බුදය සහ ආහාර උද්ධමනය හමුවේ මෙරට මත්පැන් භාවිතය පසුගිය කාලසීමාවේ දී සියයට විස්සත් තිහත් අතර ප්‍රතිශතයකින් පහත වැටී ඇති බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය ප්‍රකාශ කළා.
සුරාබදු දෙපාර්තමේන්තුවේ නිරීක්ෂණ චාරිකාවකට ඊයේ (27) එක්වීමෙන් අනතුරු ව ඔහු මේ බව කියා සිටියේ.
එහි දී අදහස් දැක්වූ සුරාබදු කොමසාරිස් ජනරාල් එම්.ජේ. ගුණසිරි කියා සිටියේ, කොරෝනා වසංගතය හේතුවෙන් 2021 වසරේ දී රුපියල් බිලියන 22 ක ආදායමක් අහිමි වී ඇති බව යි.
Share This Article