උපන්දිනය දවසේ ගිය අවසන් ගමන - නොසැලකිල්ලෙන් දිවි අහිමි වූ හර්ෂණී (Photos & Video)
Wednesday, 28 September 2022 - 11:12 | Views - 4,709
මීට මසකට පමණ ඉහතදී විවාහ දිවියට එළඹි යුවතියක් හදිසියේම ජීවන ගමන නිමා කිරීම පිළිබඳව සටහන් සහ ඡායාරූප සමාජ මාධ්‍යය පුරාම හුවමාරු වෙනවා.

ඇය නමින් හර්ෂණී ධර්මවික්‍රම.

ඇයගේ හදිසි වියෝවට හේතු ලෙස දක්වා ඇත්තේ පෞද්ගලික රෝහලකදී පිත්තාශයේ ගල් ඉවත්කිරීම ආශ්‍රිතව කරන ලද සැත්කමකින් පසුව ඇති වූ සංකූලතා හේතුවෙන් මෙම මරණය සිදු වූ බවයි.

ඊට වගකිවයුතු වෛද්‍යවරයා හසන්ජය ගුණවර්ධන නම් අයෙක් බවයි සඳහන් වන්නේ.

ඒ වගේම ඇයගේ උපන්දිනය 27 දිනයේදී ඇති බවත් එම සටහන්වල ලියවී තිබුණා.

කෙසේ නමුත්,

රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය මඟින් අප කළ විමසීමකදී ඔවුන් පවසා සිටියේ එවැනි සිදුවීමක් සිදුව ඇති බවට තොරතුරු ලැබී ඇති බවයි.

ඒ වගේම මෙම සිදුවීම සම්බන්ධව වැඩිදුර විස්තර සොයා බලන බවයි ඔවුන් පවසා සිටියේ.

දෙපාර්තමේන්තු මට්ටමේ පරීක්ෂණ කටයුතුත් පෞද්ගලික රෝහල් සහ වෛද්‍ය ආයතන නියාමන කිරීමේ සභාව මඟින් ද පරීක්ෂණ කටයුතු සිදුකරන බවයි වැඩිදුරටත් පවසා සිටියේ.

එමෙන්ම මෙම සිදුවීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකා වෛද්‍ය සභාවද දැඩි අවධානයෙන් පසුවන බව ඔවුන් තරයේම පවසා සිටියා.

පහතින් දැක්වෙන්නේ ඇය මීට මාසයකුත් දින කිහිපයකට ඉහතදී සුන්දර මනාලියක්ව සැරසුණු ආදරණීය රූ එකතුව‍යි.

ඒ වගේම ඇගේ වියෝව ගැන සමාජ මාධ්‍යයේ හුවමාරු වූ සටහන් කිහිපයක් ද මෙසේ අමුණා තබමු...  

කෙසේ වෙතත්, ඊයේ ඇයගේ උපන්දිනය... ඇගේ උපන්දිනය දවසේ ඇගේ සැමියා රසික ජයතිලක ඔහුගේ ෆේස්බුක් ගිණුමේ සටහනක් පල කරලා තිබුනා.

පහත දැක්වෙන්නේ ඒ සටහන...

"සුභ උපන්දිනයක් මගේ කුමරිය
මගේ සතුට, මගේ ශක්තිය, මගේ අභිප්රේරණය සහ මගේ සෑම දෙයක්ම. ඇයි ඔයා මාව මෙහෙම දාලා ගියේ... මට ඔයාව එන්න එන්නම ඕන. ඔයා නැතුව පාලුයි බබා. ඔබට ආදරෙයි

ඇගේ උපන්දිනය දවසේ ඇගේ නිසල දේහය ඇගේ නිවසට රැගෙන ආවා. ඇය වෙනුවෙන් නිර්මාණය කළ උපන්දින කේක් නිර්මාණය ඇගේ නිසල දේහය ඉදිරිපිට තියෙන ඡායාරූප කීපයක් සමාජ ජාලාව්ල මේ වෙද්දි සංසරණය වෙනවා...

ඇගේ නිසල දේහයට අවසන් ගෞරව දක්වන්න පැමිණි සියලු දෙනා එම කේක් නිර්මානය දැක තවත් සංවේගයට පත් වුණු බව අපට දැනගන්න ලැබුණා.

පහත දැක්වෙන්නේ ඒ ඡායාරූප...



































Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
පුංචි තිරයෙන් මෙන්ම සමාජ මාධ්‍ය ඔස්සේ ලාංකේය ප්‍රේක්ෂක හදවත් දිනාගත් සුන්දර...
Hiru Tv Blog
අමෙරිකානු පොප් ගායිකා ඇෂේ (Ashe) සිය පළමු විවාහයේදී මුහුණ දුන් අමිහිරි අත්දැකීමක්...
Hiru Tv Blog
ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් දෛනිකව භාවිතා කරන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top