රුසියාවේ පාසලක වෙඩි තැබීමක් ?
Monday, 26 September 2022 - 15:27 | Views - 386
තුවක්කු 02 ක් ඇතැතිව රුසියාවේ මධ්‍යම ප්‍රදේශයේ ඉෂෙව්ස්ක් නගරයේ පාසලකට ඇතුලු වූ නාඳුනන පුද්ගලයෙකු සිදුකළ වෙඩි තැබීමකින් 06 දෙනෙකු මිය ගොස් 20 දෙනෙකු තුවාල ලබා තිබෙනවා.
වෙඩි තැබීමෙන් පසු අදාළ පුද්ගලයාද සියදිවි හානිකර ගෙන ඇති අතර වෙඩි තැබීමට හේතුව මෙතෙක් පැහැදිලි නොමැති බවයි රුසියානු මාධ්‍ය වාර්තා කළේ.
සිසුන් 1000කට ආසන්න සංඛ්‍යාවක් ඉගෙනුම ලබන සහ ගුරුවරුන් 80 දෙනෙකු පමණ ඉගැන්වීම් සිදු කරන මෙම පාසලේ , මිය ගිය පිරිස අතර පාසලේ ආරක්ෂක නිලධාරියා ද සිටින බව සඳහන්.
Share This Article