අළුත උපන් බිළිදාට කළ අපරාධය
Sunday, 25 September 2022 - 16:41 | Views - 693
අලුත උපන් බිළිදෙකු වාරියපොළ බණ්ඩාරකොස්වත්ත ප්රදේශයේ වැව් පිටියක දමා ගොස් සිටියදී සොයාගෙන තිබෙනවා.
අද උදෑසන ප්රදේශවාසීන් කළ දැනුම්දීමකට අනුව වැව් පිටියේ තිබූ සැකකටයුතු පොහොර බෑගයක් පරීක්ෂා කිරීමේදි මෙම බිළිඳා හමුවී ඇති බවයි පොලිසිය සඳහන් කළේ.
පසුව සුවසැරිය ගිලන් රථයක් මඟින් බිළිදා නිකවැරටිය මූලික රෝහලට ඇතුළත් කර ඇති බව සඳහන්.
Share This Article