බොරතෙල් මිල අඩු වීමත් සමඟ පස්සේ දොරෙන් පැනගිය සුත්රය
Sunday, 25 September 2022 - 12:40 | Views - 1,064
ලෝක වෙළෙඳපොලේ බොරතෙල් මිල වාර්තාගත ලෙස අඩුවීමක් පෙන්නුම් කරනවා.
ඩොලර් 86ක ප්රමාණයක පැවැති බොරතෙල් බැරලයක මිල ඊයේ වන විට ඩොලර් 78ක් දක්වා පහළ ගොස් ඇති බවද වැඩිදුරටත් සඳහන්.
කෙසේ වෙතත්, මෙරට ඉන්ධන මිල සති දෙකකට වරක් සංශෝධනය වන බව බලධාරීන් මීට පෙර අවස්ථා කිහිපයකදීම ප්රකාශ කර තිබුණත්,මෙරට ඉන්ධන මිල අවසානයට සංශෝධනය වුයේ පසුගිය අගෝස්තු මාසයේ 17 වනදායි.
ඒ අනුව, මෙතෙක් අඩු වූ බොරතෙල් මිල හේතුවෙන් මෙරට ඉන්ධන මිලෙහි සහනයක් ලබා දෙන්නේ ද යන්න මේ වන තුරු බලධාරීන් ප්රකශ කර නැහැ.
Share This Article