දෙවන එළිසබෙත් රැජිණගේ ස්මාරකයේ ප්‍රථම ඡායාරූපය (Photos)
Sunday, 25 September 2022 - 12:09 | Views - 659
අභවප්‍රාප්ත වූ දෙවන එලිසබෙත් රැජිණියගේ දේහය තැන්පත් කළ ස්ථානයේ ඡායාරූපය බ්‍රිතාන්‍යය රාජකීය පවුල විසින් ප්‍රථමවරට මාධ්‍ය වෙත නිකුත් කර තිබෙනවා.වින්ඩ්සර් මාළිගයේ ශාන්ත ජෝර්ජ් දේවස්ථානයේ ඇති රාජකීය සොහොන් ගැබෙහි මතුපිට නිර්මාණය කළ ස්මාරකයේ ඡායාරූපයකුයි මෙලෙස මාධ්‍ය වෙත නිකුත් කර ඇත්තේ.විශේෂිත වූ පාෂාණ වර්ගයකින් නිර්මිත පාෂාණය මතුපිට අභාවප්‍රාප්ත රාජකියයන් හතරදෙනාගේ නම් මෙන්ම උපත සහ විපත සටහන් කර තිබෙනවා.1967 වසරේ මෙම රාජකීය සොහොන් ගැබ නිර්මාණය කරනු ලැබුවේ හයවන ජෝර්ජ් රජුගේ දේහය තැන්පත් කිරීම වෙනුවෙන්.



Share This Article