කොළඹ ට බෝට්ටු සේවයක්
Sunday, 25 September 2022 - 11:52 | Views - 747
කොළඹ මාර්ග තදබදයට විසඳුමක් ලෙස පරිසර හිතකාමී මගී බෝට්ටු සේවාවක් ආරම්භ කිරීම පෙරේදා සිදු කෙරුණා.

ඒ, බත්තරමුල්ල දියත උයන සහ අග්ගොන - හීනටිකුඹුර සිට වැල්ලවත්ත දක්වායි.

මෙම බෝට්ටු සේවය සූර්ය පැනල මගින් ක්‍රියාත්මකවීම විශේෂත්වයක්. ඉදිරියේදී මෙරට අභ්‍යන්තර ඇළ මාර්ග ඔස්සේ තවත් බෝට්ටු සේවාවන් කිහිපයක් ආරම්භ කිරීමටයි නාගරික සංවර්ධන අමාත්‍යාංශය සැළසුම් කර ඇත්තේ.

සූර්ය පැනල මගින් ක්‍රියාත්මකවීම හේතුවෙන් මෙම බෝට්ටු සේවාවන් සඳහා ඉන්ධන වැය නොවන අතර, එමඟින් ශබ්ද දූෂණයක්ද සිදු නොවන බව සඳහන්.

දිනපතා කාර්යාල වේලාවන්හිදී මෙම බෝට්ටු සේවය ක්‍රියාත්මක වන අතර, එක් බෝට්ටුවක අටදෙනෙකුට ගමන් කළ හැකියි.

බත්තරමුල්ල සහ ඒ අවට රජයේ සහ පෞද්ගලික කාර්යාල, ජාත්‍යන්තර පාසල්, විවෘත විශ්වවිද්‍යාලය මෙන්ම 176, 138, 122 බස් මාර්ගවලට මෙන්ම වැල්ලවත්ත දුම්රිය ස්ථානයට ද මෙම බෝට්ටු සේවය මගින් පහසුවෙන් ළඟාවිය හැකි බවයි නාගරික සංවර්ධන අමාත්‍යාංශය සඳහන් කළේ. 


Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
පුංචි තිරයෙන් මෙන්ම සමාජ මාධ්‍ය ඔස්සේ ලාංකේය ප්‍රේක්ෂක හදවත් දිනාගත් සුන්දර...
Hiru Tv Blog
අමෙරිකානු පොප් ගායිකා ඇෂේ (Ashe) සිය පළමු විවාහයේදී මුහුණ දුන් අමිහිරි අත්දැකීමක්...
Hiru Tv Blog
ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් දෛනිකව භාවිතා කරන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top