කොළඹ ට බෝට්ටු සේවයක්
Sunday, 25 September 2022 - 11:52 | Views - 748
කොළඹ මාර්ග තදබදයට විසඳුමක් ලෙස පරිසර හිතකාමී මගී බෝට්ටු සේවාවක් ආරම්භ කිරීම පෙරේදා සිදු කෙරුණා.
ඒ, බත්තරමුල්ල දියත උයන සහ අග්ගොන - හීනටිකුඹුර සිට වැල්ලවත්ත දක්වායි.
මෙම බෝට්ටු සේවය සූර්ය පැනල මගින් ක්‍රියාත්මකවීම විශේෂත්වයක්. ඉදිරියේදී මෙරට අභ්‍යන්තර ඇළ මාර්ග ඔස්සේ තවත් බෝට්ටු සේවාවන් කිහිපයක් ආරම්භ කිරීමටයි නාගරික සංවර්ධන අමාත්‍යාංශය සැළසුම් කර ඇත්තේ.
සූර්ය පැනල මගින් ක්‍රියාත්මකවීම හේතුවෙන් මෙම බෝට්ටු සේවාවන් සඳහා ඉන්ධන වැය නොවන අතර, එමඟින් ශබ්ද දූෂණයක්ද සිදු නොවන බව සඳහන්.
දිනපතා කාර්යාල වේලාවන්හිදී මෙම බෝට්ටු සේවය ක්‍රියාත්මක වන අතර, එක් බෝට්ටුවක අටදෙනෙකුට ගමන් කළ හැකියි.
බත්තරමුල්ල සහ ඒ අවට රජයේ සහ පෞද්ගලික කාර්යාල, ජාත්‍යන්තර පාසල්, විවෘත විශ්වවිද්‍යාලය මෙන්ම 176, 138, 122 බස් මාර්ගවලට මෙන්ම වැල්ලවත්ත දුම්රිය ස්ථානයට ද මෙම බෝට්ටු සේවය මගින් පහසුවෙන් ළඟාවිය හැකි බවයි නාගරික සංවර්ධන අමාත්‍යාංශය සඳහන් කළේ.
Share This Article