21 වැනි සියවසට - බරපතල ගැටලුවක් ?
Sunday, 25 September 2022 - 10:48 | Views - 342
ජනතාවට 21වැනි සියවසේ මුහුණදීමට සිදුවන විශාලතම අර්බුදය වී ඇත්තේ කාලගුණ වෙනස්වීම් වලට මුහුණ දීම යැයි පරිසර විද්‍යාඥයෝ පවසනවා.

ඒ සදහා කඩිනමින් පියවර නොගත හොත් දැඩි ආර්ථික ගැටලු වලටද මුහුණ පෑමට සිදුවන බවද ඔවුහු අනතුරු අඟවා තිබෙනවා.

ඒ අනුව, විද්‍යුත් වාහන සහ සූර්ය කෝෂ විදුලිය වැනි පරිසරයට කාබන් මුදාහැරීම අවමව සිදුවන බල ශක්ති ආදියට ජනතාව යොමු කිරීම ඉදිරියේ දී පියවර ගතයුතු බවද ඔවුහු වැඩිදුරටත් සඳහන් කළා.

ඊට ආසන්නතම නිදසුනක් ලෙස පකිස්ථානයට පසුගියදා ගංවතුරින් සිදුවූ දැඩි හානිය පෙන්වා දෙන අතර, ඉන් පකිස්ථානයේ හරි අඩක් පමණ වූ භූමියකට බලපෑම් ඇති වූ බවටයි සඳහන්.

එසේම ඉන් රටේ ආර්ථිකයටද සියයට 09% පමණ බලපෑම් සිදුවී ඇති බවද විදෙස් මාධ්‍ය වාර්තා කර තිබෙනවා.

කෙසේ වෙතත්, පොසිල ඉන්ධන, ගෑස්, වැනි පරිසරයට කාබන් ඩයොක්සයිඩ් වැඩිපුර මුදාහරින බල ශක්ති භාවිතය අවම කළ යුතු අතර,හරිත පරිසරයක් නිර්මාණය කිරීම සඳහා වැඩි අවධානයක් යොමු කල යුතු වනවා.

මේ වන විට ඉන්දියාව එය අවබෝධ කරගෙන පමාවී හෝ හරිත පරිසරයක් සදහා යොමුවී ඇති බවද විදෙස් මාධ්‍ය සඳහන් කර තිබෙනවා. 

(උපුටා ගැනීම - දිවයින )

 
Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
පුංචි තිරයෙන් මෙන්ම සමාජ මාධ්‍ය ඔස්සේ ලාංකේය ප්‍රේක්ෂක හදවත් දිනාගත් සුන්දර...
Hiru Tv Blog
අමෙරිකානු පොප් ගායිකා ඇෂේ (Ashe) සිය පළමු විවාහයේදී මුහුණ දුන් අමිහිරි අත්දැකීමක්...
Hiru Tv Blog
ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් දෛනිකව භාවිතා කරන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top