ගල් අඟුරු මෙට්‍රික් ටොන් විසි දෙලක්ෂ පනස් දහසක් මිලදී ගැනීම සඳහා වන ටෙන්ඩරය ලබන අඟහරුවාදා කැඳවන බව ලංකා ගල් අඟුරු සමාගම පවසනවා.
කැබිනට් මණ්ඩලය විසින් පසුගියදා ඊට අනුමැතිය ලබාදුන්නා.
අගෝස්තු 25 වනදා ඩුබායි හි බ්ලැක් සෑන්ඩ් කොමඩිටීස් සමාගමට ලබාදුන් ගල් අඟුරු ටෙන්ඩරය අමාත්‍ය මණ්ඩලය විසින් අවලංගු කිරීමත් සමඟයි මෙලෙස නව ටෙන්ඩරයක් කැඳවීමට පියවර ගෙන ඇත්තේ.
විදුලිබල හා බලශක්ති අමාත්‍යාංශය කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කළ ඉල්ලීමකට අනුව ටෙන්ඩරය කැඳවෙන අතර, දිගුකාලීන ණය පදනමක් මත ගල් අඟුරු සැපයීමට හැකි සැපයුම්කරුවෙකුට ඉඩ සලසා දෙමින් නව ටෙන්ඩර් කැඳවීමක් ලංකා ගල් අගුරු සමාගම විසින් ප්‍රකාශයට පත් කරනු ඇති.
කෙසේ වෙතත්, මීට ඉහතදී බලධාරීන් සඳහන් කර තිබුනේ නියමිත පරිදි ගල් අඟුරු තොගය සඳහා ඇණවුමක් ඉදිරිපත් නොවුණහොත් ලබන මස 28 වන දායින් පසුව දිනපතා පැය 10ක පමණ විදුලි කප්පාදුවක් සඳහා යාමට සිදුවන බව යි.