නව ගල් අඟුරු ටෙන්ඩරය ලබන අඟහරුවාදා - නොලැබුනොත් පැය 10කට අඳුර
Sunday, 25 September 2022 - 10:08 | Views - 1,032
ගල් අඟුරු මෙට්‍රික් ටොන් විසි දෙලක්ෂ පනස් දහසක් මිලදී ගැනීම සඳහා වන ටෙන්ඩරය ලබන අඟහරුවාදා කැඳවන බව ලංකා ගල් අඟුරු සමාගම පවසනවා.

කැබිනට් මණ්ඩලය විසින් පසුගියදා ඊට අනුමැතිය ලබාදුන්නා.

අගෝස්තු 25 වනදා ඩුබායි හි බ්ලැක් සෑන්ඩ් කොමඩිටීස් සමාගමට ලබාදුන් ගල් අඟුරු ටෙන්ඩරය අමාත්‍ය මණ්ඩලය විසින් අවලංගු කිරීමත් සමඟයි මෙලෙස නව ටෙන්ඩරයක් කැඳවීමට පියවර ගෙන ඇත්තේ.

විදුලිබල හා බලශක්ති අමාත්‍යාංශය කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කළ ඉල්ලීමකට අනුව ටෙන්ඩරය කැඳවෙන අතර, දිගුකාලීන ණය පදනමක් මත ගල් අඟුරු සැපයීමට හැකි සැපයුම්කරුවෙකුට ඉඩ සලසා දෙමින් නව ටෙන්ඩර් කැඳවීමක් ලංකා ගල් අගුරු සමාගම විසින් ප්‍රකාශයට පත් කරනු ඇති. 

කෙසේ වෙතත්, මීට ඉහතදී බලධාරීන් සඳහන් කර තිබුනේ නියමිත පරිදි ගල් අඟුරු තොගය සඳහා ඇණවුමක් ඉදිරිපත් නොවුණහොත් ලබන මස 28 වන දායින් පසුව දිනපතා පැය 10ක පමණ විදුලි කප්පාදුවක් සඳහා යාමට සිදුවන බව යි.  


Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
පුංචි තිරයෙන් මෙන්ම සමාජ මාධ්‍ය ඔස්සේ ලාංකේය ප්‍රේක්ෂක හදවත් දිනාගත් සුන්දර...
Hiru Tv Blog
අමෙරිකානු පොප් ගායිකා ඇෂේ (Ashe) සිය පළමු විවාහයේදී මුහුණ දුන් අමිහිරි අත්දැකීමක්...
Hiru Tv Blog
ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් දෛනිකව භාවිතා කරන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top