විරෝධතා පාගමනක් විසුරුවා හැරීමට කඳුලු ගෑස් ප්රහාර
Saturday, 24 September 2022 - 17:26 | Views - 284
සමාජවාදී තරුණ සංගමය පැවැත්වූ විරෝධතා පාගමනක් පොලීසිය ජල හා කඳුළු ගෑස් ප්රහාර එල්ල කර විසුරුවා හැරීමට කටයුතු කළා.
මර්දනය හකුනාගනු, වහා ඉල්ලා අස්වනු යන මැයෙන් මෙම විරෝධතාව සංවිධාන කර තිබුණා.
ලිප්ටන් වටරවුමෙන් ආරම්භ කළ විරෝධතා පාගමන ඩීන්ස් පාර හරහා කොළඹ දෙසට ගමන් කිරීමේදී එය විසුරුවා හැරීමටයි පොලීසිය කටයුතු කරනු ලැබුවේ.
මෙහිදී කිහිපදෙනෙකු පොලිස් භාරයට ගත් බව ද අප වාර්තාකරු ප්රකාශ කළා.
Share This Article