වවුලන්ගෙන් බෝ වන වෛරසයක්
Saturday, 24 September 2022 - 14:35 | Views - 495
වවුලන් අතරේ පැතිරෙන, වවුලන්ගෙන් මනුෂ්‍යයන්ට බෝ විය හැකි නව වයිරසයක් ගැන ඇමෙරිකන් විද්‍යාඥයෝ අනතුරු අගවනවා.
කොස්ටා 2 Khosta-2 යන නමින් නම් කර ඇති මෙම වයිරසය, මනුෂ්‍ය සෛලවලට ඉක්මනින් ආසාදනය වන බව සොයා ගෙන තිබෙන අතර වයිරසය සදහා කිසිදු ප්‍රතිකර්මයක් නොමැති බවද සඳහන්.
කොස්ටා 2 වයිරසය සොයාගෙන ඇත්තේ රුසියාවෙනි. ඒ, 2000 වසරේදීය.
කෙසේ නමුත්, එදා මෙම වයිරසය මනුෂ්‍යයන්ට තර්ජනයක් වනු ඇතැයි විද්‍යාඥයන් විශ්වාස නොකළේය.
ඇමෙරිකන් විද්‍යාඥයන් කොස්ටා 2 වයිරසය ගැන වැඩි අවදානයක් යොමු කළේ 'කොවිඩ් 19' වයිරසයේ ව්‍යාප්තියත් සමග බවයි වැඩිදුරටත් සඳහන් වන්නේ.
ඒ අනුව, පසුගිය මාස කිහිපයේ ඇමෙරිකන් විද්‍යාඥයන් මෙම නව වයිරසය සම්බන්ධයෙන් අධ්‍යයන රැසක් සිදු කර ඇතැයි ද සඳහන් වනවා.
(එන්.ඩී.ටීවී.)
( උපුටා ගැනීම - ලංකාදීප )
Share This Article