ත්රිරෝද රථ පැහැරගැනීමේ නිරතවූ කාන්තාවක් ඇතුලු පස්දෙනෙකු බස්නාහිර පළාත් දකුණ අපරාධ කොට්ඨාසයේ නිලධාරීන් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
සැකකරුවන් කුලී ගමන් යන මුවාවෙන් ත්රිරෝද රථවල ගමන් කර එහි රියදුරන්ට පහරදී ඔවුන් සතු මුදල් සහ එම රථ පැහැරගැනීමේ ජාවාරමේ නිරතව ඇති බවටයි විමර්ශනවලදී අනාවරණ වී ඇත්තේ.
හංවැල්ල, වැලිකඩ, මුල්ලේරියාව සහ මීගොඩ යන ප්රදේශවලදී මොවුන් මෙලෙස ත්රිරෝද රථ සහ රියදුරන්ගේ මුදල් මෙන්ම රන් භාණ්ඩ පැහැරගෙන තිබෙනවා.
අත්අඩංගුවට ගත් සැකකරුවන් හංවැල්ල, කොටිකාවත්ත, ඉඟිනියාගල සහ අංගොඩ ප්රදේශවල පදිංචිකරුවන් බවටයි අනාවරණ වී ඇත්තේ.