පේරාදෙණිය සරසවි සිසුවාගේ මරණයට හේතුව ? (Video)
Saturday, 24 September 2022 - 11:07 | Views - 1,117

අතුරුදන් වී දින කිහිපයකට පසු මහවැලි ගඟේ තිබියදී හමු වූ පේරාදෙණිය සරසවි සිසුවාගේ දේහය පිළිබඳ අවසන් කටයුතු ගම්පහ යක්කල ප්‍රදේශයේදී පැවැත්වුණා.
එම මරණය දියේ ගිලීමෙන් සිදු වූවක් බවටයි මරණ පරීක්ෂණයෙන් තහවුරු වී ඇත්තේ.
මේ අතර මෙම සිසුවාගේ මරණයත් සමඟ සමාජය තුළ මානසික ආතතිය පිළිබඳවද කතාබහක් මතු වී තිබෙනවා.
මහවැලි ගඟේ තිබියදී සොයා ගැනුණු පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ අංජන කුලතුංග නමැති 23 හැවිරිදි සිසුවාගේ මළ සිරුර පිළිබඳ පශ්චාත් මරණ පරීක්ෂණය පසුගියදා සිදුකෙරුණා.
මහනුවර පොලිසිය පැවසුවේ මෙය දියේ ගිලීමෙන් සිදු වූ මරණයක් බවට මරණ පරීක්ෂණ වාර්තාවෙන් හෙළිව ඇති බවයි.
පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ මනොවිද්‍යා අංශයේ ඉගෙනුම ලැබූ අංජන කුලතුංග සිය නවාතැනේ පිටවයාමට පෙර ලියා තබා ගිය ලිපියක්ද පොලිසියට හමුව තිබෙනවා.
අංජන කුලතුංග සිසුවාගේ දේශය පිළිබඳ අවසන් කටයුතු ඊයේ පස්වරුවේ සිදු කෙරුණේ ගම්පහ යක්කල ප්‍රදේශයේදීයි.
කෙසේ හෝ මෙලෙස අකාලයේ විනාශවී ගොස් තිබෙන්නේ ආනාගතයේදී මෙරටට වටිනා සේවයක් ඉටුකිරීමට තිබූ තරුණ ජීවිතයක් බවට විවාදයක් නැහැ.
මේ දිනවල සමාජයේ බොහෝ කතාබහට ලක්වන මාතෘකාවක් බවට විශාදය පත්ව ඇත්තේ මෙවන් පසුබිමකයි.
Share This Article